රු. 50,000 ක අල්ලසක් ලබාගැනීමේදීපොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

(19.12.2018 – 18:50 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 50,000 ක මුදලක් අල්ලසක් ලෙස ලබාගැනීමේදී පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

*****************************************

කොල්ලුපිටියේ ගණිකා නිවසෙන් සරසවි සිසුවියක් අල්ලයි

(19.12.2018 – 14:07 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටියෙන් ඇල්ලූ ගණිකා නිවසෙන් සරසවි සිසුවියක් අල්ලයි

කොල්ලුපිටිය, ක්ලිපර්ඩ් පටුමගේ සුඛෝපභෝගී දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එය පවත්වාගෙන ගිය චීන ජාතික කාන්තාවක සමඟ විශ්වවිද්‍යාල සිසුවියක හා වියට්නාම තරුණියක අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසනවා.

කොල්ලුපිටිය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව කොටුව මහේස්ත්‍රාස් උසාවියෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව කොල්ලුපිටිය පොලීසිය දූෂණ මර්දන අංශය සිදුකළ මෙහෙයුමකදියි සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

අත්අඩංගුවට ගත් වියට්නාම තරුණිය සංචාරක වීසා මත මීට මාස තුනකට පෙර මෙරටට පැමිණ ඇති බව පොලීසිය සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

මීට පෙරද මෙම ස්ථානයේ ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී ගණිකා වෘත්තියේ නියැළි සිටි නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

චීන ජාතික යුවළ මෙම නිවස මාසිකව රුපියල් ලක්ෂ දෙකක මුදලකට කුලියට ගෙන ඇතැයිද සඳහන්.

පොලීසිය සෝදිසි කරද්දි චීන ජාතිකයා නිවසේ සිට නැහැ.

තරුණියක රුපියල් පන්දහසේ සිට ඉහළ මිලකට සේවාදායකයින්ට අලෙවි කර ඇති බව පොලීස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණියන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

*****************************************

බස්නාහිර මහ ඇමති ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් – නවීන්ටත් චෝදනා

(19.12.2018 – 19:10 +0530 – hirunews.lk/sinhala)

ලංකා ගුරු සේවා සංගමය අද පෙරවරුවේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියට එරෙහිව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් සිදු කළා.

ඒ චක්‍රලේඛ උල්ලංඝණය වන අයුරින් ලබන වසර සදහා සිසුන් ජනප්‍රිය පාසල් සදහා ඇතුළත් කිරිම සදහා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් අධ්‍යාපන බළධාරින්ට උපදෙස් ලබා දී ඇති බව පවසමින්.

ලංකා ගුරු සේවා සංගමය එල්ල කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ පළමු වසරට සිසුන් ඇතුළත් කිරිමේ චක්‍රලේඛය හේතුවෙන් අසාධාරණයට ලක්වන තම පළාතේ දරුවන් වෙනුවෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරිමට සිදු ඇත්තේ තමන්ට බවයි.

මේ අතර, ඉදිරි මාස 6 තුළ තම පාක්ෂිකයන්ට පමණක් රැකියා ලබා දෙන බවට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක පසුගිය 17 වනදා සිදු කල ප්‍රකාශයට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමය අද විරෝධය පළ කළා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ කැදවුම්කරු පුජ්‍ය තැන්නේ ඥාණානන්ද හිමියන් කියා සිටියේ එවැන්නක් ක්‍රියාත්මක වුවහොත් ඊට එරෙහිව අරගල කිරිමට සුදානම් බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *