චීනයෙන් ජල බවුසර් 90 ක පරිත්‍යාගයක්

(19.12.2018 – 17:14 +0530 – hirunews.lk/sinhala)

චීනය ප්‍රදානය කළ ජල බවුසර් 90 ක් නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම ජනාධිපති කාර්යාලයේදී අද සිදු කෙරුණා.

චීන ආධාර වැඩසටහන යටතේ එම ජල බවුසර් මෙරටට ප්‍රදානය කර තිබෙනවා.

පසුගිය කාලය පුරා පැවති වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් රජය ආරම්භ කළ සහන වැඩපිළිවෙලට සහය දැක්වීමක් ලෙස ලබාදුන් ඒවායේ වටිනාකම රුපියල් බිලියනයකට අධිකයි.

*****************************************

සිංහරාජයට යලි තර්ජන

(19.12.2018 – 16:50 +0530 – hirunews.lk/sinhala)

ලෝක උරුමයක් වන සිංහරාජ රක්ෂිතයේ කලවාන – කුඩව පිවිසුම හරහා නීති විරෝධී ලෙස මාර්ගයක් සකස් කිරීම නිසා රක්ෂිතයට හානි සිදුව ඇති බව වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය චෝදනා කරනවා.

බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මෙම මාර්ගය සකස් කරමින් සිටින බවත් මේ නිසා රක්ෂිතයේ ශාක සහ කුරුළු විශේෂවලට හානි සිදුවන බවත් එම සංවිධානය පෙන්වා දෙනවා.

මීට පෙරද රක්ෂිතයේ දෙනියාය ප්‍රදේශයෙන් මාර්ගයක් ඉදි කිරීම ආරම්භ කර තිබූ අතර එයද අතරමඟ නතර කෙරුණේ පරිසරවේදීන්ගේ විරෝධතා හේතුවෙන්.

*****************************************

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් විරෝධතාවක

(19.12.2018 – 14:08 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් අද බොරැල්ල – කොටා පාරේ පිහිටි ඊ.ඒ.පී. සමාගමේ කොටස් මිලදී ගත් බෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.

ඒ, කොළඹ මහජන පුස්තකාලය අසළ සිට පා ගමනින් එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුවයි. විරෝධතාව හේතුවෙන් කොටා පාරේ රථවාහන තදබදයක්ද හටගත් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *