පොහොට්ටු ජනහමු 25,000 ක් රටපුරා..

(21.12.2018 – 17:30 +0530 – lankacnews.com)

මුළු රටම ආවරණය කරමින් සෑම ගමක්ම නියෝජනය වන පරිදි ස්ථාන 25,000 ක දී මහජන කථිකා මාලාවක් දිවයින පුරා පැවැත්වීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු සූදානම් කරන බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. හෙතෙම මේ බව සඳහන් කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුසංවිධාන නියෝජිතයන් හමුවේ කරුණු පැහැදිලි කරමිනි.

ඊළඟ ජාතික මැතිවරණයේ දී රටේ ආණ්ඩු බලය දිනාගැනීමට සියලු හැකියාවන් තිබෙන දේශපාලන ව්‍යාපාරය ලෙස ඊළග ආණ්ඩුවේ ජාතික වැඩපිළිවෙල නිර්මාණය කිරීම සඳහා ගමින් ගමට ගොස් මහජන අදහස් ලබා ගැනීම මෙම වැඩපිළිවෙලේ අපේක්ෂාවයි.

සහභාගීත්ව සංවර්ධන සංකල්පය අනුගමනය කරමින් ජාතියේ අනාගත වැඩපිළිවෙල සැකසීම සඳහා ඉතාම සජීවි ලෙස සහ ප‍්‍රායෝගික ලෙස මහජන දායකත්වය ලබා ගැනීම මෙම මහජන කථිකා 25,000 ඔස්සේ සිදු කෙරේ.

මෙම වැඩපිළිවෙල පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කළ බැසිල් රාජපක්ෂ මහතා…..

“අපි ගමින් ගමට ගිහිල්ලා රටේ අනාගතය පිළිබඳ ජනතා හැඟීම්, අදහස් හා යෝජනා සියල්ල විද්‍යාත්මකව එකතු කරනවා. රටේ ජාතික අවශ්‍යතාවන් සහ ගමේ අවශ්‍යතාවන් අතර පරස්පරතාවන් දුරුකරලීම අපේ එක බලාපොරොත්තුවක්. ගම පිළිබඳ නිසි අවබෝධයකින් තොරව කොළඹ සීත කාමරවල හදන සංකල්ප ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවතින සාම්ප‍්‍රධායික චෝදනාව අපි අවසන් කළ යුතුයි. නූතන දැනුම සහ සාම්ප‍්‍රධායික දැනුම රටේ අනාගතය වෙනුවෙන් තුලනාත්මකව භාවිත කිරීමට අපි සූදානම්. විශේෂයෙන්ම මේ මහජන කථිකා මාලාවේදී ප‍්‍රධාන මාතෘකා කිහිපයක් පිළිබඳව මහජන අදහස් සහ තොරතුරු ලබා ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

තිරසාර සංවර්ධනය, තරුණ තරුණියන්ට රැකියා ලබාදීම, ග‍්‍රාමීය නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගීම, දැහැමි සමාජයක් නිර්මාණය කිරීම, වැඩිහිටියන්ට සහ විශේෂ අවශ්‍යතා සහිති වූවන්ට සැලකීම, සංස්කෘති අනන්‍යතාවයන් ආරක්ෂා කිරීම යන කරුණු කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින් ඒ සම්බන්ධයෙන් අපි මෙම මහජන කථිකා 25,000 දී මහජන අදහස් ලබා ගන්නවා. මෙහි දී රට ගොඩනගන වැඩපිළිවෙල සහ මහජනයා අතර පවතින පරතරය අවම කරලා රටේ ජාතික වැඩපිළිවෙල තුළ මහජනතාවට අවස්ථාවක් නිර්මාණය කරන්න අපිට පුළුවන් වෙනවා. ඒක ඉතා ඵලදායි සාධනීය ප‍්‍රවේශයක් බවයි අපි විශ්වාස කරන්නේ. ජාතියේ අනාගත න්‍යාය පත‍්‍රය කෙටුම්පත් කරන්න මහජනතාව සහභාගී කරවා ගැනීම පිළිබඳ අලුත් සංස්කෘතියක් අපි නිර්මාණය කරනවා. අපේ දේශපාලන ව්‍යාපාරයේ ජාතික නායකත්වයේ සිට ග‍්‍රාමීය නායකත්වය දක්වා විහිදුණු අපේ සියලු මහජන නියෝජිතයන්ගේ නායකත්වයෙන් අපි මේ වැඩපිළිවෙල ඉතා ඉක්මණින් රට පුරා ක‍්‍රියාත්මක කරනවා”

සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

*****************************************

සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් එජාපයට අභියෝගයක්

(21.12.2018 – 18:24 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණයක් කැඳවීම සඳහා එක්සත් ජාතික පක්ෂය යෝජනාවක් ගෙන එන්නේ නම් එය පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කිරීමට සහය ලබාදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම මන්ත්‍රීවරුන් මේ බව සඳහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *