කැබිනට් නොවන – රාජ්‍ය – නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි

(21.12.2018 – 19:29 +0530 – sinhala.adaderana.lk)

නව රජයේ කැබිනට් නොවන, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද (21) සවස සිදු විය. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මන්ත්‍රීවරු දිවුරුම් දෙනු ලැබීය.

දිවුරුම් දුන් සියලු අමාත්‍යවරුන්ගේ විස්තර පහතින් දැක්වෙයි :

කැබිනට් නොවන අමාත්‍යවරු :

  • හර්ෂ ද සිල්වා මහතා – පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය
  • අජිත් පී. පෙරේරා මහතා – ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය
  • සුජීව සේනසිංහ මහාතා – විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරු :

  • රන්ජන් රාමනායක මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  • විජයකලා මහේෂ්වරන් මහත්මිය – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
  • ජේ.සී. අලවතුවල මහතා – අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
  • ඉරාන් විරක්‍රමරත්න මහතා – මුදල් රාජ්‍ය අමාත්‍ය
  • රංජිත් අලුවිහාරේ මහතා – සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  • වසන්ත අලුවිහාරේ මහතා – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
  • ලකී ජයවර්ධන මහතා – නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
  • නිරෝෂන් පෙරේරා මහතා – ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
  • දිනේන්ද්‍ර රුවන් විජේවර්ධන මහතා – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
  • චම්පිකා ප්‍රේමදාස මහතා – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය
  • අශෝක අබේසිංහ මහතා – ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය
  • ෆයිසාල් කාසීම් මහතා – සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
  • එච්.එම්.එම්. හාරීස් මහතා – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
  • අමීර් අලී මහතා – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
  • දිල්ප් වෙදආරච්චි මහතා – ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
  • ඒ. ඉසෙඩ්.එම්. සෙයිඩ් මහතා – සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය
  • වඩිවෙල් සුරේෂ් මහතා – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු :

  • අනෝමා ගමගේ මහත්මිය – ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
  • එඞ්වඞ් ගුණසේකර මහතා – ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු, නියෝජ්‍ය අමාත්‍ය
  • නලින් බණ්ඩාර ජයමහ මහතා – සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය
  • අජිත් මාන්ප්පෙරුම මහතා – පරිසර නියෝජ්‍ය අමාත්‍ය
  • කරුණාරත්න පරණවිතාන මහතා – නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය
  • බුද්ධික පතිරණ මහතා – කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
  • පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා – සමාජ සවිබල ගැන්වීම නියෝජ්‍ය අමාත්‍ය

++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *