ඇමරිකානු ගුවන් සැපයුම් මධ්‍යස්‌ථානයක්‌ ත්‍රිකුණාමලයට

(22.12.2018 – divaina.com)

ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු ගුවන් සැපයුම් මධ්‍යස්‌ථානයට ස්‌ථාපිත කරන්නේ ත්‍රිකුණාමලයේ බව ඇමරිකානු සත්වැනි නාවික හමුදාවේ සන්නිවේදන විශේෂඥ ග්‍රාන්ට්‌ ග්‍රේසි විසින් මුල්වරට හෙළිකර ඇත.

මේ සඳහා අවශ්‍ය කටයුතු සොයා බැලීමට පසුගිය අගෝස්‌තු මස ඇන්කරෝඡ් නැව ත්‍රිකුණාමලය වරායට පැමිණ විමර්ශනයක යෙදී තිබේ.

මේ සැපයුම් මධ්‍යස්‌ථානය වෙතින් ඉන්දීය සාගරයේ යාත්‍රා කරන ඇමරිකානු යුද නැව්වලට සැපයුම් සේවාවන් ලබා දෙන අතර මෙවන් සැපයුම් මධ්‍යස්‌ථානයක්‌ මෙතෙක්‌ ඉන්දීය සාගරයේ වෙනත් රටවල ස්‌ථාපිත කර නැත.

– කීර්ති වර්ණකුලසූරිය

*****************************************

ලොව විශාලතම මගී ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළට හදිසියේ ගොඩබස්සවයි

(22.12.2018 – 09:42 +0530 – hirunews.lk/sinhala)

ලොව විශාලතම මගී ගුවන් යානා විශේෂය වන, ඒ-380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (22) අලුයම හදිසියේ ගොඩබස්සවා තිබෙනවා.

ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා ගමන් ගන්නා අතරතුර එහි ගමන් ගත් මගියෙකු හදිසියේම අසනීප වීම නිසා මෙම හදිසි ගොඩබැස්සවීම සිදුකර ඇති බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

අද (22) අලුයම 5.30 ට පමණ මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබස්සවා ඇති අතර එම අවස්ථාවේ ගුවන් මගීන් 490 ක් සහ කාර්ය මණ්ඩලය 22 ක් එහි රැඳී සිටියා.

ගුවන් යානයේ සිට අසනීප වූ ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපළ වෛද්‍ය මධ්‍යස්ථාන වෙත භාරදීමෙන් අනතුරුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා මීගමුව දිස්ත්‍රික් මහා රෝහල වෙත යොමුකර තිබෙනවා.

යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා ගුවන් යානා ඉන්ධන ලීටර් 70000 ක් ද ලබාගත් බව ගුවන් තොටුපළ ප්‍රකාශකවරයෙකු සඳහන් කළා.

මෙම සියලු කටයුතු නිම කිරීමෙන් අනතුරුව උදෑසන 7.40 ට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බලා ගුවන් යානය පිටත්ව ගිය බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *