පළමු කඩඉම ඉහළින් ජයගත් ඉබ්බාගමුව දිරිය දරුවාගේ සැබෑ වූ සිහිනය

(15.10.2017 – 20:17 +0530 – hirunews.lk/sinhala)

මව්පියන් කථන හා ශ්‍රවණාබාධවලින් පෙලුනත් ඒ සියලු බාධක හමුවේ තම පළමු කඩඉම් විභාගය ඉහළින් සමත් වූ ඉබ්බාගමුව දිරිය දරුවාට නව නිවසක් ඉදිකර දීමට නිවාස සංවර්ධන අධිකාරියේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, අප ඊයේ හිරු ප්‍රවෘත්ති ඔස්සේ කළ අනවරණයත් සමගයි.

දහසකුත් එකක් ප්‍රශ්න හමුවේ පහේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දී ලකුණු 166 ක් ලබා විභාගය සමත්වූ ඉබ්බාගමුව මහසෙන් විද්‍යාලයේ ලක්ෂිත නුවන් කුමාර පිළිබඳව අප ඊයේ අනාවරණ කළා.

ලක්ෂිතගේ මව්පියන් උපතින්ම කථන හා ශ්‍රවානාබාධවලින් පෙලෙන අතර ඔහුගේ පියා පොල් කඩා ලැබෙන සුළු මුදලින් සහ මව පොල් ඉරටු එකතු කරමින් ලැබෙන මුදලින් ඔවුන් සිය එදිනෙදා අවශ්‍යතා සපුරා ගත්තා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *