එජාපෙ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ – මහින්ද රාජපක්ෂ

(23.12.2018 – 19:23 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂය කුමන ලෙසකින් තරඟ වැදුනද ඔවුන්ගේ ප්‍රතිපත්ති වලින් මහජනතාවට සෙතක් සිදුනොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළකළේය.

කුමන පක්ෂයකින් පැමිණියද එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පක්ෂයම වන බවත් ප්‍රතිපත්ති වෙනස් නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු පැවසූවේ ජනතාවට පීඩනයක් මිස ඊට වඩා වැඩි දෙයක් එක්සත් ජාතික පක්ෂයෙන් බලාපොරොත්තු විය නොහැකි බවයි.

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකළ තෙසරණ මහ සෑය විවෘත කිරීමේ පිංකම සඳහා අද පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සහභාගිවිය.

මෙම අවස්ථාවට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ද එක්වෙමින් අදහස් දැක්වීය.

*****************************************

අපි තරග වදින්නේ පොහොට්ටුව ලකුණෙන් පමණයි

(23.12.2018 – 16:01 +0530 – sinhala.adaderana.lk)

ඉදිරියේදී එන සියළු මැතිවරණ වලට තරග වදින්නේ පොහොට්ටුව ලකුණෙන් පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පක්ෂ නායකයින් පොහොට්ටුවේ කණ්ඩායමත් සමඟ එක් වී ගම්පහ දිස්ත්‍රික්කය පොහොට්ටුවෙන් තරග කළ යුතු බව ඒකමතිකව තීරණය කර ඇති බව ඔහු පැවසීය.

ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩ සටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පොහොට්ටුව ලකුණින් තරග කිරීම සඳහා අවශ්‍ය පසුබිම සාදන බව ඔහු පැවසීය.

පළාත් පාළන මැතිවරණයට ඉදිරිපත් වූ අයුරින්ම ඉදිරි මැතිවරණ වලට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආණ්ඩු විරෝධී සියළු දේශපාලන පක්ෂ එක් කර ගනිමින් ගමන් කරන වැඩපිළිවෙළක නිරත වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

*****************************************

ලාංකික හදවත් කම්පා කරවන කථාවක්

(Exclusive interview with Dambane Gunawardhana)

(21.12.2018 – Vishwa Karma)

https://youtu.be/C3_mecpzZgk
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *