කොළඹ දෙක – වොක්ෂෝල් වීථියේ ගින්නට හේතුව අහස් කූරක්

(23.12.2018 – 16:59 +0530 – hirunews.lk/sinhala)

කොළඹ දෙක – වොක්ෂෝල් වීථියේ ගබඩාවක ගින්න හටගෙන ඇත්තේ අහස් කූරක් නිසා බවට දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

අද දහවල් හට ගත් මෙම ගින්නෙන් වොක්ෂෝල් වීථියේ පිහිටි කාර්යාලයීය උපකරණ නිෂ්පාදනය කරන ආයතනයකට අයත් ගබඩාවක් සම්පූර්ණයෙන්ම ගිනි ගනු ලැබුවා.

ගින්නෙන් ගබඩාවට දැඩි හානි සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්න නිවීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 6 ක් සහ ගුවන් හමුදා ගිනි නිවීමේ රථ දෙකක් යොදා ගත් බවද කොළඹ ගිනි නිවීමේ ඒකකය කියා සිටියා.

ගිනි නිවීමේ කටයුතු සිදුවන අවස්ථාවේදී සුළු ආබාධයකට ලක්වූ ගිනි නිවීමේ භටයෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණු අතර පසුව ඔහු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *