අනුර-සම්බන්ධන් මැණිකක් රකිනා නාගයන් සේ රනිල් රකී..

(24.12.2018 – 18:49 +0530 – lankacnews.com)

අලි කොටි සීනු පවුල පොහොට්ටුවට බය වී ඇති බවත් එ නිසා පොහොට්ටුවට එරෙහිව අවලාද නගන බවටත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි.

පොහොට්ටුවට පැවති ජනප්‍රසාද ය අඩුවී ඇතයි ආණ්ඩුව කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ඊළග ආණ්ඩුව පොහොට්ටුව ප්‍රමුඛ සන්ධානයකින් පත්වීම වැළක්වීමට කිසිදු ජගතෙකුට නොහැකි බවත් පෙන්වා දෙයි.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මේ අදහස් පළ කලේ අද (24) උඩුගම්පළ ඔහුගේ පක්ෂ කාර්යාලයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ක්‍රියාකාරීය පිරිසක් අමතමිණි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේ කීය :

“අද රනිල්ගේ ගැලවුම්කාරයා බවට පත් වෙලා තියෙන්නේ සම්බන්ධන් හා අනුර කුමාර දිසානායකයි. ඔවුන් දෙදෙනා රනිල් රකින්නේ හරියට මැණිකක් රකින නාගයෙකු වගේ. රනිල් රැක ගත්ත කොටි හිතවාදී සම්බන්ධන් ලා අලි හිතවාදී අනුරලා කටයුතු කරන්නේ වෙන මොකේටවත් නොවෙයි තමන්ට ලැබෙන දොල පිදේනි නිසා. රනිල්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ දෙගොලලෝ රෙදි නැතුව කඩේ යන තත්වයට පත්ව තිබෙනවා.

අලි-කොටි-සීනු අශුද්ධ හවුල

අලි-කොටි-සීනු අශුද්ධ හවුලට අද ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ පොහොට්ටුවයි. පොහොට්ටුව තියෙන්නේ මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රට බෙදන දේශද්‍රෝහී කදවුරට එරෙහිව හදාගත් පක්ෂයයි. රට යන මේ ද්‍රෝහී සටන නතර කල හැක්කේ පොහොට්ටුවට පමණයි.ඒක මේ අය දන්නවා. අලි-කොටි-සීනු අනුබද්ධ පවුල පොහොට්ටුවට බයයි. ඒකයි ඒක විනාශ කරන්න උත්සහ කරන්නේ. බොරු අවලාස ගොතලා ජනාතාව අතරේ වපුරන්නේ ඒකටයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එසේ නැත්නම් පොහොට්ටු පක්ෂ බිහිවුනේ අභියෝ රැසක් මැද. ඒ නිසා මේ අලි-කොටි-සීනු ආණ්ඩුවේ තර්ජන අපිට මහලොකු දේවල් නෙමෙයි. යකාට බයනම් සොහොනෙ ගෙවල් හදන්නේ නෑ.පොහොට්ටුවේ සමාජිකත්වය ගත්තද නැද්ද කියලා මේ අය අපෙන් අහනවා.ඒක අපේ වැඩක් .ඒ ගැන ආප් පාක්ෂිකයෝ දන්නවා.අපි වැඩ කරන්නේ ජනතාවට අවශ්‍ය පරිදි මිසක් මේ රටට වින කරන බටහිර බලවේග වලට කඩේ යන අලි කොටි සීනු වලට අවශ්‍ය පරිදි නෙවෙයි.

අලි-කොටි-සීනු අශුද්ධ හවුල මහින්ද මහත්තයට බයයි. මහින්ද මහත්තයා විපක්ෂ ධුරයෙ ඉන්නකොට රනිල්ගෙත් ආණ්ඩුවෙත් පුටුව ෂුවර් නැති බව මේ අය දන්නවා. පොහොට්ටු සාමාජික ප්‍රශ්ණයක් ඇදගෙන මේ අය මහින්ද මහත්තයාව අයින් කරගන්න උත්සහ කරන්නේ ඒකයි.මහින්ද මහත්තයවත් අපිවවත් එහෙම ලේසියෙන් අයින් කරන්න බෑ.

මේ ආණ්ඩුවට වැඩි දුර යන්න බෑ. මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බලය තිබුනට ජනතාවගේ බලය නෑ. රනිල් සහ ඔහුගේ ගජ මිතුරු රාජකීය රෙජිමය මේ වන විට නැවත වැඩ පටන් අරන් තියෙනවා.ඔවුන් රටේ ජනතාව ගැන හිතන කණ්ඩායමක් නෙමෙයි. රටට හෙනගැහුවත් කමක් නෑ තමන්ගේ සාක්කුව පිරෙනනවානම් කියන ප්‍රතිපත්තිය මත ඔවුන් කටයුතු කරන්නේ.මේ ආණ්ඩුව හැකි ඉක්මනින් ගෙදර යැව්වේ නැත්නම් රට අනතුරේ. අපේ දරුවන් වෙනුවෙන් මේ රට රැකගත්තේ නැත්නම් ඒ අය අපිට ශාප කරාවි. මේ අලි-කොටි-සීනු හවුල් ආණ්ඩුව පෙරලා දැමීම ජාතික යුතුකමක්, වගකීමක්. ඒ නිසා රටට ආදරය කරන සියළුම දෙනාට ඊට එකතුවෙන්න කියළා අපි ආරාධනා කරනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *