අන්තර්ජාල සහ දුරකථන අපරාධවල ඉහළයාමක්

(25.12.2018 – 19:09 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය සහ ජංගම දුරකථන භාවිතයෙන් සිදුවන අපරාධවල ඉහළයාමක් පෙන්නුම් කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා.

අන්තර්ජාලය උපයෝගී කරගෙන සිදුකරනු ලබන අපරාධ සහ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා පිහිටවූ ඒකකය විවෘත කිරීමේ උත්සවයකට ඊයේ මාතරදී එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මෙවැනි ඒකක දිවයිනේ පළාත් 9 ම ආවරණය වන අයුරින් පිහිටුවීමට නියමිතයි.

මෙහි පළමු ඒකකය පිහිටවනු ලැබුවේ මධ්‍යම පළාතේ වන අතර, දෙවන ඒකකය ඊයේ දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් මාතරදී විවෘත කෙරුණා.

මෙහි තුන්වන ඒකකය උතුර පළාත කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේදී පිහිටුවීමට බලාපොරොත්තු වන බවද පොලිස්පතිවරයා එහිදී සඳහන් කර සිටියා.

*****************************************

රොහාගේ සහ ගොත අසංකගේ ගෝලයන් සිව්දෙනෙකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට

(25.12.2018 – 18:52 +0530 – hirunews.lk/sinhala)

ඝාතන සිද්ධීන් කිහිපයකට සම්බන්ධ සහ අඟුලානේ රොහා නැමති පාතාල සාමාජිකයාගේ කප්පම් ගැනීම් මෙහෙය වූ කල්දෙමුල්ලේ ගයාන් නැමති පාතාල සාමාජිකයා අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රත්මලාන ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

ඔහු ඝාතන සිද්ධීන් සම්බන්ධ නඩු 5කට අවශ්‍ය සැකකරුවෙකු ද වනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී කඩුවක්ද සොයාගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට සැකකරු භාරදුන් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

එමෙන්ම ගොත අසංක නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු වන මල්වානේ බන්ටි ඇතුළු 3 දෙනෙකු ඊයේ රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකාය බියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් ඝාතනයට ලක්වූ රණාලේ සමයං නැමති පාතාල නායකයාගේ ගෝලයන්.

මේ අතර, දීර්ඝ කාලයක සිට හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීමේ ජාවාරමක් මෙහෙය වූ බූලා නමැති අනවර්ථ නාමයෙන් හදුන්වනු ලබන පුද්ගලයාද පෙරේදා පොලීසිය අත්අඩංගුවට ගත්තා.

ඔහු තියුණු ආයුධ කිහිපයක් ද සමගින් හංවැල්ල – ඇඹුල්ගම ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු දැනට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඌරුජුවාගේ කණ්ඩායමේ සාමාජිකයෙකු බවට ද විමර්ශනවලින් අනාවරණ වී තිබූ අතර, ඌරුජුවා නැමැති කණ්ඩායම මෙහෙය වනු ලබන්නේ ඝාතනයට ලක්වූ පාතාල කල්ලි නායක, සමයංගේ ගෝලයෙකු විසින් ෴

*****************************************

මෝදර වෙඩි තැබීමේ CCTV දර්ශන එළියට

(25.12.2018 – 18:17 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – මෝදරදී පසුගිය දා පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ, ත්‍රිරෝද රථයකින් ගමන්ගත් පිරිසකට සිදු කළ වෙඩි තැබීමෙන් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර, එම වෙඩි තැබීමේ දර්ශන අසල තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්.

එම වීඩියෝව පහතින් :

*****************************************

කුඩාවැල්ලේ වෙඩි තැබීම ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 11 ක් ; 8 දෙනෙකු තවමත් රෝහලේ

(25.12.2018 – 16:04 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල – කුඩාවැල්ල ධීවර වරාය තුළදී පුද්ගලයින් හතරදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් 8 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 11 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.

අද පස්වරුවේ වාද්දුව පොලිස් ස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ද විමර්ශන කටයුතු සඳහා එක්ව ඇති බවයි.

එමෙන්ම සී සී ටී වී සහ දුරකථන කුළුණු දත්ත උපයෝගී කරගනිමින් පරීක්ෂණ ක්‍රියාත්මක බවද ඔහු තවදුරටත් සඳහන් කළා.

අද උදෑසන 7.15 ට පමණ කුඩාවැල්ල ධීවර වරායට ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබුණා.

වෙඩි තැබීම සඳහා ටී – 56 ගිනි අවියකින් සහ පිස්තෝලයක් භාවිතා කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ධීවරයන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

වෙඩි තැබීමෙන් ජයසිංහ මනාච්චිගේ සමීර, රත්නවීර පටබැඳිගේ ශෂික් තිවංක, යද්දෙහිගේ ලකේෂ් උදය කුමාර සහ කංකානම් ගමගේ සඳුන් චානක මියගිය අතර, ඔවුන් කුඩාවැල්ල ආශ්‍රිත ගම්මානවල පදිංචිකරුවන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *