ලක්ෂ ගණනක මුදල් වංචා කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අත්අඩංගුවට

(26.12.2018 – 21:31 +0530 – sinhala.adaderana.lk)

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු අපරාධ ‍පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (26) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, දෙහිවල ප්‍රදේශයේ පදිංචි ෂම්මුගනාදන් කුහවර්ධන් නැමති අයෙක් බව අනාවරණය වී තිබේ.

42 හැවිරිදි මෙම පුද්ගලයා අඟරු වු චෙක් පත් ලබා දී රුපියල් ලක්ෂ 720 ක් පමණ වංචා කර ඇති බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට පත් සැකකරු හෙට (27) දිනයේ දී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

++++++++++++++++++++++++

CID යෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙන් ඉවතට

(26.12.2018 – 20:57 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් මන්ත්‍රී එස් කුහවර්ධන් ඔහු නියෝජනය කළ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙන් ඉවත්කර තිබෙනවා.

එම පක්ෂයේ නායක මනෝ ගනේෂන් මේ බව ප්‍රකාශ කළා.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස් කුහවර්ධන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් මිලියන 70 ක චෙක්පත් වංචාවක් සම්බන්ධයෙනුයි ෴

*****************************************

කසල වලට එරෙහි මින්නේරියේ විරෝධය

(26.12.2018 – 22:09 +0530 – hirunews.lk/sinhala)

හබරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගය මින්නේරිය මිණිහිරිගම ප්‍රදේශයෙන් අවහිර කරමින් ගම්මාන 3 ක ජනතාව අද උද්ඝෝෂණයක නිරත වුණා.

එම ස්ථානයට හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණීමත් සමඟ ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *