උසස් පෙළ ප්‍රතිපල හෙට (28) නිකුත් නොකෙරේ

(27.12.2018 – nethnews.lk)

මෙවර උසස් පෙළ ප්‍රතිපල හෙට (28) දිනයේදි නිකුත් නොකරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත ප්‍රකාශ කර සිටිනවා.

nethnews.lk සිදුකල විමසිමකදි විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියේ විභාග ප්‍රතිපල නිකුත් කිරිමට තවත් දින 2-3ක් ගත වනු ඇති බවයි.

මේ අවුරුද්දේ විභාග කාලසටහනත් සමග ප්‍රතිපල ලබා දිමේ ක්‍රමවේදය අපි අනුගමනය කරමින් සිටිනවා හැරෙන්න ප්‍රතිපල නිකුත් කිරිමේ ප්‍රමාදයක් යැයි මෙය හැදින්විය නොහැකි. කෙසේ වුවත් “මේ මස 30 වැනිදා වන විට ප්‍රතිපල නිකුත් කරන” බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වුවත් ඉකුත් වසරේ සිට උසස් පෙල ප්‍රතිඵල දෙසැම්බර් 28 වැනිදා, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු 28 වැනිදා සහ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර 05 වැනි දා ලබා දෙන ලෙස මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් ලබාදි තිබුනා ෴

*****************************************

හොදම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව යළිත් නම් වෙයි

(27.12.2018 – 17:29 +0530 – hirunews.lk/sinhala)

ආසියානු මහාද්වීපයේ හොදම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව යළිත් තේරී පත්වී තිබෙනවා.

travellemming.com වෙබ් අඩවිය විසින් ලෝකය පුරා ප්‍රසිද්ධ සංචාරක බලපෑම් කරන්නන්, බ්ලොග්කරුවන් හා ව්ලොගර්කරුවන්ගෙන් සමන්විත මණ්ඩලයක් හරහා පැවැත්වූ ඡන්ද විමසීමකිනුයි ශ්‍රී ලංකාව ආසියාවේ පළමු ස්ථානයට පත් වී ඇත්තේ.

2019 වසරේ සංචාරය කිරිමට සුදුසුම රටවල් තෝරා ගැනීම සඳහා ලෝකයේ මහද්වීප හයක් යොදාගනිමින් මෙම ඡන්ද විමසීම පවත්වා තිබෙනවා.

යුරෝපය, උතුරු අමරිකාව, ඔස්ට්‍රේලියාව සහ පැසිෆික් කලාපය, අප්‍රිකාව, දකුණු අමරිකාව සහ ආසියාව එම මහාද්වීප අතරට අයත්.

යුරෝපා මහාද්වීපයෙන් සංචාරය කිරීමට හොඳම රට ලෙසට තේරී පත්වී ඇත්තේ සයිබීරියාවයි.

උතුරු ඇමරිකාවෙන් මෙක්සිකෝවට පළමු ස්ථානය ලැබී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව සහ පැසිෆික් කලාපයෙන් සංචාරය කිරීමට හොඳම රට ලෙසට තේරී ඇත්තේ ඔස්ට්‍රේරලියාවේ දොඩම් වගාවන් සිදුවන කලාපයක්.

අප්‍රිකා මහාද්වීපයේ සංචාර කිරීමට හොඳම රට ලෙසට නම්වී ඇත්තේ මලාවි රාජ්‍යයයි.

දකුණු අමරිකාවෙන් හොඳම සංචාරක ගමනාන්තයක් ලෙසට පේරු රාජ්‍යයේ ලීමා අගනුවර පත්වී තිබෙනවා.

සංස්කෘතික සහ ඓහතිහාසික වටිනකමකින් යුත් දෑ මෙන්ම වනාන්තර සහ දර්ශණීය වෙරළ තීරයන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමදී දැක ගැනීමට හැකිවන බව travellemming.com වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

එමෙන්ම යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ලෙසට නම්කර ඇති ස්ථාන රැසක් ද දැක ගත හැකි බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

මිට පෙර ලොව සුප්‍රකට ලෝන්ලි ප්ලැනට් සඟරාව මගින් ද 2019 වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසු රට ලෙස ශ්‍රී ලංකාව පත්වුණා ෴

++++++++++++++++++++++++

Sri Lanka : Winner of Our 2019 Judges’ Award

travellemming.com

Sri Lanka has been poised on the edge of tourism popularity for a few years now, and 2019 might finally be the year it pops. In fact, it was just named the #1 country in the world to travel to in 2019 by Lonely Planet. And, honestly, it’s hard to disagree with that assessment. From dreamy surf coasts to quiet jungle retreats, to incredible wildlife and history, Sri Lanka has all the makings of one of the greatest travel destinations on the planet. And with two very distinct rainy seasons on each side of the island, there’s always somewhere that’s “in season,” meaning there’s no bad time to visit. Just hurry up and get there before everyone else does.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *