ලේක්හවුස් හිටපු සභාපති , අධ්‍යක්ෂ මණ්ඩලය බලෙන් පැමිණ වැඩ…

(28.12.2018 – 06:33 +0530 – lankacnews.com)

ලේක්හවුස් හිටපු සභාපති , අධ්‍යක්ෂ මණ්ඩලය බලෙන් පැමිණ වැඩ… මෛත්‍රී -මහින්ද ආණ්‌ඩුව දුන් උසස්වීම් අහෝසියි… මෛත්‍රීගේ ආශිර්වාදයෙන් සභාපති වු බවත් කියයි..

නව එ.ජා.ප. රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්නද මේ වන තෙක් අමාත්‍යාංශ යටතේ කිසිදු ආයතනයක් ගැසට් කර නොමැති වාතාවරණයකදී ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නීතීඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න, මූදල් අධ්‍යක්ෂ දුෂාන්ත බස්නායක පසූගිය දිනවල ලේක්හවුස් ආයතනයේ සේවයට පැමිණ රාජකාරි සිදුකරමින් සිටින බව ලේක්හවූස් සේවකයෝ පවසති.

හිටපු සභාපතිවරයා හිතවතුන්ට පවසා ඇත්තේ තමන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආශිර්වාදයෙන් ලේක්හවුස් සභාපති වන බවටය. ඔහු එලෙස පැවසුවද ගිය 23 දා ලේක්හහවුස් සන්ඩේ ඔබ්සවර් පුවතේ මූල් පිටුවේ පුවෘත්තියකින් ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවාසිදායක පුවෘත්තියක් පළ කර තිබිණ.

එමෙන්ම පසූගිය දින 56 රජය විසින් ලේක්හවුස් ආයතනයේ ලබා දුන් උසස්වීම් අවලංගු කිරීමට ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී මානව සම්පත් – ලාල් පෙරේරාට හිටපු සභාපතිවරයා උපදෙස් දී තිබේ.

එම උසස්වවීම් මෛත්‍රී – මහින්ද රජය විසින් සේවා අවශ්‍යතාවය මත ලබා දුන් උසස්වීම්ය. එම සේවකයන් පවසනුයේ මෛත්‍රීපාල ආශිර්වාදයෙන් එනවා යැයි කියන සභාපතී මෛත්‍රී මහින්ද රජයේ උසස්වවීම් අවලංගු කිරීමට උත්සාහ කිරීම කනගාටුදායක බවය.

ලේක්හවුස් ආයතනය රජයට පවරාගත් පනත අනුව ලේක්හවුස් ආයතනය ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ සෘජුවම පාලන වන ආයතනයක් නොවන බව කියවෙයි. ලේක්හවුස් ආයතනය සෘජුවම පාලනය වන්නේ ජනාධිපති කාර්යාලය යටතේ පවතින මහාබාරකාර තැන විසිනි.

එබැවින් ලේක්හවුස් ආයතනයට පත් කරන සභාපති සහ අධ්‍යාක්ෂ මණ්ඩලය පත් කිරීමේ ලිපිය සාමාන්‍යයෙන් නිකුත් කරනුයේ මහා භාරකාර තැන විසිනි. ජනපතිවරයා පත්වීම් කළද එම ලිපියට අමතරව මහාභාරකාර තැන විසින් එම ලිපිය අනුමත කළ යුතුය. ජනමාධ්‍ය ඇමැතිවරයා පත්වීමක් කළද තත්ත්වය එසේය.

ලේක්හවුස් ආයතනයේ තවමත් මහාබාරකාර තැන පිළිගන්නා සභාපතිවරයා වන්නේ වසන්ත ප්‍රිය රාමනායක, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ දිනේෂ් දොඩන්ගොඩ, නීති අධ්‍යක්ෂ රසාංග හරිස්චන්ද්‍ර වෙයි. ඒ ඔවුන් මෙතෙක් එම තනතුරුවලින් ඉවත් නොකිරීම නිසාය.

යළි හිටපු සභාපති ලේක්හවුස් සභාපති ධුරයට පත් නොකරන ලෙස ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණි පසූ ඉල්ලීමට වෘත්තීය සමිති සුදානමින් සිටින බව වෘත්තීය සමිති පවසයි….

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *