ජල ගැල්මෙන් එක්ලක්ෂ 18,500 කට පීඩා

(28.12.2018 – 13:22 +0530 – hirunews.lk/sinhala)

උතුර පලාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ සංඛ්‍යාව එක්ලක්ෂ දහඅට දහස් පන්සිය තිස් අට දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔවුන් අතුරින් පුද්ගලයන් 8983 දෙනෙකු මේ වනවිට රඳවා සිටින්නේ ආරක්ෂිත ස්ථාන 27 කයි.

එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පීඩාවට පත් සංඛ්‍යාව එක්ලක්ෂ දහනව දහස් නවසිය අසුදෙදෙනෙක්.

මේ අතර, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියා සිටියේ උතුර පලාතේ හානි වූ දේපල වලට වන්දි ලබාදීම සහ ජනතාවට සහන ලබාදීමේ කටයුතු මාස තුනක් ඇතුලත අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ උතුර පළාතේ ආපදාවට ලක්වූ ප්‍රදේශ වල සංචාරයක නිරතවීමට ද නියමිතව තිබෙනවා.

අද පස්වරුවේ රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත්, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවයි.

යාන් ඔය ජලාශය ද මේ වනවිට පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.

එම නිසා වාන් දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් පහළ වාරි කලාපයේ ජිවත් වන ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *