බුදු පිළිමවලට හානි කළ අයට නීතිය ක්‍රියාත්මක කරන බව අගමැති කියයි

(28.12.2018 – 18:47 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිම කිහිපයකට අනර්ථයක් සිදුකළ පුද්ගලයින්ට කිසිදු සහනයක් ලබා නොදී ක්‍රියාකරන ලෙස පොලීසියට දැනුම්දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ඒ, අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම මෙම සිද්ධිය පිළිබඳව වහාම විමර්ශනයක් පැවැත්වීම සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ එම බුද්ධ ප්‍රතිමා ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා වැයවන මුදල් මේ වනවිටත් ඇස්තමේන්තු කර ඇති අතර, එම කටයුතු ඉදිරි සතිය තුළ සිදුකර අවසන් වීමට නියමිත බවයි.

මේ අතර මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිම කිහිපයකට අනර්ථයක් සිදුකළ පුද්ගලයින් 7 දෙනෙකු පොලීසිය මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන වසරේ ජනවාරි 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර. සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.

++++++++++++++++++++++++

28.12.2018

*****************************************

ඥානසාර හිමියන්ට නිදහස හිමිවන දිනය ගැන සිංහල රාවය කියයි

(28.12.2018 – 20:32 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පෙබරවාරි 4 වැනිදා වන විට ජනාධිපති සමාව හිමිවනු ඇති බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

උන් වහන්සේ මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *