උසස් පෙළ ප්‍රතිඵල හෙට (30)

(29.12.2018 – 13:08 +0530 – hirunews.lk/sinhala)

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (30) දිනයේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.

පසුගිය අගෝස්තු මාසයේ පැවති උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් තුන් ලක්ෂ 21,469 දෙනෙකු පෙනී සිටියා ෴

*****************************************

චන්ද්‍රිකා බණ්ඩාරනායක, බණ්ඩාරනායක පවුලට අපකීර්තියක් – SM කියයි

(29.12.2018 – 15:57 +0530 – sinhala.adaderana.lk)

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වත්මන් දේශපාලන කරුණු සම්බන්ධයෙන් මැදිහත් නොවී සිටීම වඩා සුදුසු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

ඊයේ (28) අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරව මාධ්‍යවේදීන් අමතමින් මන්ත්‍රීවරයා මේ අදහස් ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට පසුගිය කාලයේ පුදුම ගෞරවයක් තිබු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

මේ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පසුගිය කාලය හැසිරුණ ආකාරය බණ්ඩාරනායක පවුලට අපකීර්තියක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ක්‍රමයෙන් දියුණු වෙමින් තිබු රට කුමන්ත්‍රනය කර විනාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා වැඩි දුරටත් පැවසීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *