සෝපානයක් කඩා වැටී රගර් ක්‍රිඩකයා මිය ගිය හේතුව මෙන්න

(29.12.2018 – 18:51 +0530 – sinhala.adaderana.lk)

කොළඹ නවම් මාවතේ පිහිටි රාත්‍රී සමාජශාලාවක විදුලි සෝපානයක් බිමට පතිත වී සිදු වූ අනතුරකින් සීආර් අන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජයේ රගර් ක්‍රීඩකයකු මිය ගොස් තිබේ.

අනතුරින් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

කොළඹ නවම් මාවතෙහි පිහිටි රාත්‍රී සාමාජ ශාලාවක අද (29) අළුයම 1.50 ට පමණ මෙම අනතුර සිදුව තිබුණි.

එහි විදුලි සෝපානය පළමු මහලේ සිට රාත්‍රී සමාජශාලාව පිහිටි නව මහලට යාම සඳහා ක්‍රියාත්මක කර තිබූ අවස්ථාවක සෝපානය ඊට පහලින් පිහිටි බිම් මහළ වෙත පතිත වී ඇති බව පරීක්ෂණ වලින් අනාවරණ වී තිබේ.

එම අවස්ථාවේ පුද්ගලයින් 12 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විදුලි සෝපානයේ සිට තිබේ.

සෝපානය බිමට පතිත වන අවස්ථාවේ එහි සිටි තරුණයකු ඉන් පිටතට පැනීමට උත්සාහ දරා ඇති අතර ඔහු සෝපානයත් බිත්තියත් අතරට ඇද වැටී එතුළ සිර වීමෙන් මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මෙලෙස අනතුරෙන් මිය ගියේ තලංගම උතුර, බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි කෝකිල සම්මන්දපෙරුම නැමැති විසිපස් හැවිරිදි තරුණයෙකි.

ඔහු සී.ආර්. ඇන්ඩ් එෆ්.සී ක්‍රීඩා සමාජය නියෝජනය කරන රගර් ක්‍රීඩකයෙකි.

ඔහු පසුගිය සතියේ නිමා වූ ලීග් රග්බි තරඟාවලියේ යුද හමුදා කණ්ඩායමට එරෙහිව සී.ආර්. ඇන්ඩ් එෆ්.සී කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩා කර තිබුණි.

අනතුර සිදු වූ අවස්ථාවේ ඡායා රූප කිහිපයක් සමාජ මාධ්‍යවල මෙලෙස පළ වී තිබුණි.

අනතුරෙන් විදුලි සෝපානයේ සිටි තවත් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු මේවන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

අනෙක් පුද්ගලයාගේ පාදවලට එහිදී තුවාල සිදුවී ඇති අතර ඔහු මේවන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

විදුලි සෝපානය මෙලෙස බිමට පතිතවීම සම්බන්ධයෙන් තාක්ෂණික වාර්තාවක් කැඳවීමට පොලීසිය මේ වන විටත් පියවර ගෙන තිබේ.

එහි නිගමනය අනුව ඉදිරි විමර්ශන සිදු කරන බව කොම්පඤ්ඤවීදිය පොලීසිය සඳහන් කළේය ෴

++++++++++++++++++++++++

01.01.2019

*****************************************

නාමල් කරුණාරත්න ගෙන් බදියුදීන්ට චෝදනාවක්

(29.12.2018 – 17:56 +0530 – sinhala.adaderana.lk)

ව්‍යාජ ලෙස සමුපකාර සංගමය ලියාපදිංචි කරමින් රුපියල් කෝටි 1103 ක ණය මුදලක් අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා විසින් චීනයේ යුනාත් නමැති ආයතනයකින් ලබා ගැනීමට යන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරයි.

වී මෝල් හිමියන්ගේ සමුපකාර සමිතියක් ලියාපදිංචි කරන මුවාවෙන් විශාල මූල්‍ය වංචාවක් සිදුකිරීමට යන බවට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (29) දඹුල්ලේ දී මේ බව හෙළිදරව් කළේය.

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් විසින් සමුපකාර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට තිබියදී ඒවායේ දත්ත උපයෝගී කරගෙන සිංහල ව්‍යාපාරිකයෙකු සහ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් පස් දෙනෙකු ඒකරාශී කොට සමුපකාර දෙපාර්තමේන්තුව යටතේ සමාගමක් ලියාපදිංචි කොට අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සියයට 7.5 ක පොලී අනුපාතයක් මත චීනයේ යුනාන් නැමැති ආයතනකින් රුපියල් කෝටි 1103 ක ණය මුදලක් ලබා ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව හෙතෙම ලියකියවිලි සහිතව පෙන්වමින් මාධ්‍ය හමුවේ දී හෙළිදරව් කළේය.

ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් හයදෙනෙකු ආරක්ෂා කරගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම ණය මුදලට සහයෝගය ලබාදෙන බව නාමල් කරුණාරත්න මහතා එහිදී චෝදනා කළේය.

නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ මෙම ගනුදෙනුව යටතේ විශාල මූල්‍ය වංචාවක් සිදු කරනු ලබන්නේ චීන සමාගමකට මහජනතාව ඇපේට තබමින් බවද පෙන්වා දුන්නේය.

පසුගිය තාවකාලික රජයේ අමාත්‍යවරයාව සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ද වී මෝල් සමාගම් නියෝජිතයන් මේ බව දැනුම් දුන්නද ඔහු ද කිසිදු අවධානයක් යොමු නොකොට ඊට ප්‍රතිචාර නොදැක්වූ බවද නාමල් කරුණාරත්න මහතා එහිදී අවදාරණය කළේය.

කෙසේවෙතත් රුපියල් කෝටි 1103 ක අතිවිශාල ණය මුදලක් ලබාගෙන සිදු කරන්නට යන්නේ මෙරට වී තොග ගබඩා කිරීමේ ක්‍රියාවලියක් සිද්ධ කරන බවට ඔහු විසින් දැනුම් දී තිබෙන බවය.

වහාම ක්‍රියාත්මක වන පරිදි අගමැතිවරයා මැදිහත් ව මෙම සුවිශේෂී වූ ණය මුදල ලබා ගැනීම නවතා දමා රට පුරා විසිරී සිටින සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමිකරුවන්ට සහනාධාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ද අවධාරණය කළේය.

ව්‍යාජ සංගමයක් ලියාපදිංචි කොට සමුපකාර දෙපාර්තමේන්තුව යටතේ මහජනතාවගේ මුදල් මේ සඳහා යෙදවීමට කටයුතු කිරීමට යන බව ද ඔහු වගකීමෙන් යුතුව මෙය ප්‍රකාශය කරන බව නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *