ජාතිවාදය ඇති කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව බුද්ධශාසන ඇමති කියයි

(29.12.2018 – 19:24 +0530 – hirunews.lk/sinhala)

ජාතිවාදය අවුස්සමින් රට තුළ ගැටුම් මතු කරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩි නීතිරීති ගෙන ඒමට පියවර ගන්නා බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කිහිපයකට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින්.

මාවනැල්ල, හිගුල, පහළ කඩුගන්නාව ආදී ප්‍රදේශවල ස්ථාපිත බුදු පිළිම කිහිපයකට පසුගිය දින කිහිපයේදී සංවිධානාත්මක පිරිසක් හානි සිදු කර තිබුනා.

අදල සිදුවිම සම්බන්දයෙන් අත්අඩංගුවටගත් පුද්ගලයින් 7 දෙනෙකු මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අතර සැකකරුවන් ජනවාරි 02 වනදි දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

බුදු පිළිමවලට හානි කල පුද්ගලඉන්ට නිසි දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් නව සිංහලේ ජාතික සංවිධානය පොලිස් මුලස්ථානය අද පැමිනිල්ලක් ඉදිරිපත් කලා.

මේ අතර, මාවනැල්ල ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක සංචාරය කලඅමාත්‍ය කබිර් හෂිම් මහතා මෙම තත්ත්වය මත ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරිමට මහා සංඝරත්නය විසින් කල මැදිහත් වීම ඇගඉමට ලක්කලා.

මේ අතර මස්ජිදුල් අබ්රාර් ජුම්මා පල්ලිය අද දින නිවෙදනයක් නිකුත් කරමින් සදහන් කලේ මාවනැල්ල හා ඒ අවට ප්‍රදේශවල බුදු පිළිම කිහිපයක් හානියට පත්කිරිමේ සිද්ධිය මුස්ලිම් ප්‍රජාව දැඩි ලෙස හෙලාදකින බවයි.

එමෙන්ම අදාල සිද්ධියට ගමේ තරුණ පිරිසක් අත්අඩංගුවට පත්විම ගැන කම්පාවට පත් වන බවත් මෙම සිදුවිමට අදාල පුද්ගලයින්ට දඩුවම් ලබාදිමට මුස්ලිම් ජනතාව සම්පුර්න සහයෝගය ලබාදෙන බවද අදාල නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර මොණරාගලදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විෂය භාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අදහස් පළ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *