මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවනට අධිකරණය අද දුන් නියෝගය මෙන්න..

(02.01.2019 – 17:30 +0530 – lankacnews.com)

මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් හත් දෙනා අද 02 මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ජනවාරි මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල දිසා විනිසුරු මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග ලබා දෙන ලදි.

බුදු පිළිම වලට හානි කිරිම සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් පසුගිය 26 වැනි දින අත්අඩංගුවට ගෙන තිබුණු අතර සිද්ධියට සම්බන්ධ තවත් ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිමට මෙ වන විට පොලිස් හා විශේෂ කාර්ය බලකා සෙබළුන් ඇතුලු බුද්ධි අංශ වල කටයුතු මෙ වන විට සිදු වෙමින් පවති. මෙලෙස අත්අඩංගුවට ගැනිමට නියමිත සැකකරුවන් මෙහි ප‍්‍රධාන පෙළේ සමාජිකයන් වන මාවනැල්ල දෙල්ගහගොඩ පදිංචි එකම පවුලේ අයියා සහ මල්ලි වන අතර ඔවුන් නමින් මොහොමඞ් ඉබ්රාහිම් සිද්ධික් අබ්දුල්ලා සහ මොහොමඞ් ඉබ්රාහිම් සාහිඞ් නම් වෙති.

නඩුව අද දිනයේ විභාගයට ගත් මොහොතේ මාවනැල්ල බුදු පිළිම කැඩිමට අමතරව අදාල සැකකරුවන් ගම්පොල, පොල්ගහවෙල, ඇතුලු තවත් ප‍්‍රදේශ කිහිපයක බුදු පිළිම කැඩිමේ සිද්ධින් වලට සම්බන්ධ බව පොලිසිය මගින් මහෙස්ත‍්‍රාත්වරයා දැනුවත් කර අතර ඉදිරි දින වල එම ප‍්‍රදේශවල අධිකරණයන් වලට ඉදිරිපත් කිරිමට අවසරය ඉල්ලා සිටි අතර එහිදි පොල්ගහවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට පමණක් ජනවාරි 9 වැනිදා ඉදිරිපත් කිරිමට අවශ්‍ය නියෝගය ලබා දිම එහිදි සිදු විය.

දැනට වැරදි කරුවන් බවට පත් වි අද රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හත් දෙනා අවුරුදු 25 ට අඩු වයස් සිමාවන් වල පසුවෙන අය වන බවද පොලිසිය කියයි. මෙ වන විට අත්අඩංගුවට ගැනිමට සිටින සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 26 ක් සහ අනිත් සැකකරු වයස අවුරුදු 29 ක් වන බවද පොලිසිය පවසයි. මෙලෙස මෙම චෝදනාවේ වැරදි කරුවන් වන සියලු දෙනා මාවනැල්ල දෙල්ගහගොඩ, දානාගම, හිගුල වැනි මාවනැල්ල අවට ප‍්‍රදේශ වල පදිංචි කරුවන් වෙති.

මාවනැල්ල අධිකරණය වෙත සැකකරුවන් මුලින් මුහුණු ආවරණය කරමින් බන්ධනාගාරය වෙත රැගෙන ගිය අතර නඩු විභාගය අවසන් විමෙන් පසුව මුහුණු ආවරණ ඉවත් කර බන්ධනාගාරයෙන් පිටතට රැගෙන එම සිදු විය.

මෙම සිද්ධිය දැක බලා ගැනිමට දේශපාලන නායකයින් කිහිප දෙනෙක් පැමිණ සිටි අතර මහා සංඝරත්නය හෝ වෙනත් බාහිර පාර්ශව මාවනැල්ල අධිකරණය වෙත හෝ පිටත දැක ගැනිමට නොහැකි විය.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

++++++++++++++++++++++++

02.01.2019

++++++++++++++++++++++++

27.12.2018

*****************************************

බුදු දහමට නිගරු කරන කටයුතුවලට දඬුවම් දීමට නව පනතක් ගෙන ඒමට පියවර

(02.01.2019 – 21:13 +0530 – hirunews.lk/sinhala)

බුදු දහමට නිගරුවන ආකාරයෙන් ගීත, නාට්‍ය වැනි නිර්මාණ හෝ මුද්‍රණ කටයුතු සිදුකරන්නේනම් ඊට අධිකරණයෙන් දඩුවම් ලබා දිය හැකි නව පනතක් ඉදිරිපත් කිරීමට සූදානම් බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළකළේ කොළඹදී අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණයකට අනූව ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ජාතික උත්සවය ජනවාරි මස 5 වනදා මාතලේ අලුවිහාරයේදී මහානායක ස්වාමීන් වහන්සේ සහ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණා ෴

*****************************************

ෆොන්සේකා කපෝතියි.. තෙවරප්පෙරුම රෙදි ගලවා ඔළුවේ ඔතයි…

(02.01.2019 – 22:00 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා විසින් එල්ල කරන ලද චෝදනාවන්ට නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා නැවත වතාවක් ප‍්‍රතිචාර දක්වයි.

2010 ජනාධිපතිවරනයේදී ඔහු වෙනුවෙන් වැඩ කලත් කිරි බිවු තනය හපා කෑ දඩෝරියෙක් රටේ ජනාධිපති නොවීම ගැන තමන් අද සන්තෝස වන බව ඔහු සදහන් කරයි.

ඉතා දීර්ඝ ලෙස නියෝජ්‍ය ඇමතිවරයා විසින් ෆොන්සේකා මහතාට විවේචන රැසක් එල්ල කරමින් කියා සිටියේ තමන් විරිදු කියන්නා සේ ෆොන්සේකාගේ අයුතු වැඩ කියන්නට සූදානම් බවයි.

කළුතරදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *