සත්ව ආහාරවලට යොදාගන්නා කිරිපිටි වෙළඳපොලට යැවීමේ ජාවාරමක්

(12.01.2019 – 16:08 +0530 – hirunews.lk/sinhala)

සත්ව ආහාර සඳහා යොදාගන්නා කිරිපිටි තොගයක් කිරි ආශ්‍රිත වෙනත් නිෂ්පාදනවලට යෙදවූ පුද්ගලයෙකු කුලියාපිටිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය අද සිදුකළ මෙහෙයුමකදියි.

සත්ව ආහාර නිෂ්පාදන ආයතනයක හිමිකරුවෙකු වන අත්අඩංගුවට ගත් පුද්ගලයා ප්‍රසිද්ධ ආයතනයකින් සත්ව ආහාර ලෙස නිකුත් කර ඇති කිරිපිටි මිලදීගෙන මෙම ජාවාරම සිදුකර ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

ඒ අනුව ඔහු ව්‍යාජ ඇසුරුම් සකස් කර යෝගට් අයිස්ක්‍රීම් වැනි කිරි ආශ්‍රිත වෙනත් නිෂ්පාදන සඳහා මෙම සත්ව ආහාර සඳහා යොදාගන්නා කිරිපිටි බෙදාහැර තිබෙනවා.

අදාළ ගබඩාව පරීක්ෂා කිරීමේදී කිරිපිටි මෙටි‍්‍රක් ටොන් 160 කට ආසන්න තොගයක් සොයාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන සිකුරාදා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

*****************************************

සුපිරි වෙළඳ සැලක සොරකමක් CCTV කැමරාවේ

(12.01.2019 – 15:59 +0530 – hirunews.lk/sinhala)

බේරුවල ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලක භාණ්ඩ සොරකමේ යෙදුණු කාන්තාවන් දෙදෙනෙක් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එහිදී එම වෙළඳ සැලට පැමිණි කාන්තාවන් දෙදෙනෙක් රුපියල් 25000 කට අධික භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම සොරකම වෙළඳ සැලේ සවි කර තිබු ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *