යෝජිත ව්‍යවස්ථාවට එරෙහිව විශ්ව විද්‍යාල ආචාර්යවරු පෙරමුණට

(12.01.2019 – nethnews.lk)

නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඊයේ ඉදිරිපත් වූ යෝජනාවලියේ මූලික අරමුණ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර විධායක බලය සහිත මහඇමතිවරුන් නව දෙනෙකු නිර්මාණය කිරීම බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසනවා. එහි මහලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ එය රට මුළුමනින්ම අස්ථාවර කරන යෝජනාවලියක් බවයි.

වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ආණ්ඩුකාරවරුන්ට හිමි බලතල අහෝසි කර එය ප‍්‍රධාන අමාත්‍යවරුන් වෙත පැවරීමට කර ඇති යෝජනාව ඊට හේතුවක් වන බවයි මහාචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දුන්නේ.

ශී‍්‍ර ලංකා ජාතික පොලීසිය සහ ශී‍්‍ර ලංකා පළාත්බද පොලීසිය යනුවෙන් පොලීසිය කොටස් දෙකකින් සමන්විය යුතු බවට වන යෝජනාවක්ද ඊයේ ඉදිරිපත් කෙරුණු යෝජනාවලියේ ඇතුළත්. ඒ සම්බන්ධයෙන්ද මහාචාර්ය චන්න ජයසුමන මහතා අදහස් පළ කළා.

+++++++++++++++++++++++++++++++++++++

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසුරුවා හරින්න – ජවිපෙ

(12.01.2019 – nethnews.lk)

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය සහ ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව විසුරුවා හැරිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ වත්මන් පාර්ලිමේන්තුව යටතේ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ හැකියාවක් නොමැති බවයි.

ඊයේ ඉදිරිපත් කෙරුණු වාර්තාව අධ්‍යයනය කළයුතු වාර්තාවක් නොවන බවද පාර්ලිමේන්තු මන්ති‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩදුරටත් පෙන්වා දුන්නා.

+++++++++++++++++++++++++++++++++++++

නව ව්‍යවස්ථාව හරහා ආණ්ඩුව ඊලාම් රාජ්‍යයක් බිහිකිරීමේ උත්සාහයක – පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

(12.01.2019 – nethnews.lk)

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හරහා ආණ්ඩුව ඊලාම් රාජ්‍යයක් බිහිකිරීමේ උත්සහයක නිරත වී ඇති බව පැපිලියාන සුනේත‍්‍රාදේවි පිරිවෙනේ පරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා. අම්බලන්ගොඩ ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

+++++++++++++++++++++++++++++++++++++

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රමේෂ් පතිරණ මහතා ද අදහස් දැක්වුවා :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *