‘නැත්ත වෙනුවට ඇත්ත’ නඩුවෙන් දින්නත් අන්තිමේ ජවිපෙ පැත්තක්ම යයි..

(13.01.2019 – 03:28 +0530 – lankacnews.com)

විමල් වීරවංශ මහතා විසින් රචනා කරන ලද ‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතියට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹ වාණිජ මහාධිකරණයේ ගොනු කරන ලද නඩුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ජයගෙන ඇතත් ඔවුන් දේශපාලන වශයෙන් මාරාන්තික පරාජයක් ලබා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

2008 හා ඒ ආසන්න කාලසීමාවේදී ජනතා විමුක්ති පෙරමුණ තුල ඇතිවූ මතවාදී සංවාදය එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේඛන ගණනාවක් ඇතුළත් කරමින් අදාළ කෘතිය රචනා කරන ලද බවත් එය එළි දැක් වූ අවස්ථාවේ ජවිපෙ නායකයන් විසින් එම කෘතියේ අඩංගු සියල්ල අසත්‍ය යැයි බැහැර කළ බවත් ඔහු සඳහන් කළේය.

නමුත් වාණිජ මහාධිකරණයේ දී නඩු පවරමින් එම කෘතියේ අඩංගු ලේඛණ තම පක්ෂය සතු බුද්ධිමය දේපල නිසා එම ප්‍රසිද්ධ කිරීම තහනම් කරන්නැයි ඔවුන් ඉල්ලීමෙන්ම එම කෘතියේ අඩංගු ලේඛණ සත්‍ය බව ඔවුන් පිළිගෙන ඇති බවත් මුසම්මිල් මහතා කියයි.

එමෙන්ම අධිකරණය හමුවේ ඔවුන් කිසිදු අවස්ථාවක කෘතියේ කරුණුවල සත්‍යතාව සම්බන්ධයෙන් විවාදයට ලක් නොකල බවත් ඔවුන් වසර 10 ක කාලය පුරාම කලේ කෘතියේ ඇත්තේ තම පක්ෂයේ බුද්ධිමය දේපලක් බවටත් පවසූ මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙම අධිකරණ ක‍්‍රියාමාර්ගය මගින් ජනතා විමුක්ති පෙරමුණ තුළ වූ සැබෑ සංවාදය රටේ ජනතාව දැන ගැනීම වාරණය කරගෙන ඇති බවද පෙන්දා දුන්නේය.

කෙසේ නමුත් මෙම නඩුවේ තීන්දුව ඉහල අධිකරණය හමුවේ අභියෝගයට ලක් කරනා බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

https://archive.org/embed/WhatsAppPtt20190112At22.30.06

*****************************************

‘නැට්ට කොටා’ ගොඩගන්න කළ අලි මෙහෙයුම

(13.01.2019 – 15:11 +0530 – hirunews.lk/sinhala)

වැලිකන්ද සිංහපුර ප්‍රදේශය හරහා ගලාබසින Z- E ඇළට වැටුණු වන අලියෙකු ගොඩ ගැනීමට අද (13) වනජීවී නිලධාරීන්ට හැකි වුණා.

පොලොන්නරුව, මනම්පිටිය, වැලිකන්ද වනජීවී නිධාරීන් එක්ව පැය නවයක පමණ මෙහෙයුමකින් අනතුරුව මෙම වන අලියා ගොඩගත් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කරේ.

මෙම වන අලියා ප්‍රදේශවාසීන් විසින් ‘නැට්ට කොටා’ ලෙස හඳුන්වන අතර එම සත්වයා අඩි නවයක උසින් යුතු වයස අවුරුදු 30 ක සත්වයෙක්.

අඩි 20 ක් පමණ ගැඹුරු Z- E ඇළට වැටුණු මෙම වන අලියා ගොඩට ගැනීමෙන් අනතුරුව මහවැලි රක්ෂිතයට පලවා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කළා.

*****************************************

ශ්‍රී ලංකා යුධ හමුදා පැරෂුට් බලගණය විසින් ගාලු මුවදොර පිටිය ආසන්නයේ දී සිදුකළ සුපිරි වික්‍රමය

(12.01.2019 – nethnews.lk)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *