හොරා අල්ලපු වීරවරියක් පොලීසියෙන් ඇගයෙයි (විඩියෝ)

(14.01.2019 – 10:35 +0530 – sinhala.adaderana.lk)

අම්පාර කරංගාව ප්‍රදේශයේ වෙළඳසැලකට පැමිණි මංකොල්ලකරුවෙක් එම වෙළඳසැල පවත්වා ගෙන යන කාන්තාවගේ කරේ තිබු රන් මාලය කඩා ගෙන පලා යමින් සිටි අවස්ථාවේ සොරා පිටුපස දුවගෙන ගොස් එහු අල්ලා ගැනිමට ව්‍යාපාරය හිමි කාන්තව සමත්වි තිබේ.

පසුගිය දිනෙක තම වෙළඳසැලෙහි රාක්කයක බඩු අහුරමින් සිටියදි මුහුණ වැසුණු හෙල්මට් එකක් දමා ගෙන පැමිණි තරුණයෙක් කඩය තුළට පැමිණ තිබේ.

වෙළඳසැල හිමි සුජාතා ලක්මාලි මහත්මිය විසින් අවශ්‍ය මොනවා දැයි විමසන විටම ඇය පැලඳගෙන සිටි රන් මාලය කඩා ගත් හොරා වෙළඳසැලෙන් එළියට දුවගෙන ගොස් ඇත.

එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වී ඇති සුජතා ලක්මාලි බියෙන් නොසිට හොරා පසු පස පන්නා ගෙන ගොස් ඔහු යතුරැ පැදියට නැග පලා යෑමට සුදානම් වන අවස්ථාවේදි අල්ලා ගැනිමට සමත්ව තිබේ.

එම අවස්ථාවේම නිවසේ අය සහ අවට පිරිස පැමිණ මාල හොරා අල්ලා ගස් බැඳ තිබේ පසුව අම්පාර පොලීසිය පැමිණිමෙන් අනතුරුව මෙම මංකොල්ලකරු පොලීසියට භාරදි තිබේ.

මෙම මංකොල්ලකරු පුගොඩ පලාතේ පදිංචිකරුවෙක් වන අතර එම ප්‍රදේශයේ සිදුවු හොරකම් රැසකට මෙම පුද්ගලයා පොලීසියට අවශ්‍ය වී තිබු අයෙක් බව පොලිස් පරීක්ෂණවලදි තහවුරු වී තිබේ.

අම්පාර මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස් පරිදි අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතාගේ මෙහයවිමෙන් සහකාර පොලිස් අධිකාර 1 දර්ශන සමන් සුරියආරච්චි මහතාගේ අධික්ෂණය යටතේ අම්පර මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත දඩැල්ල, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එම්.මෛත්‍රීපාල, උප පොලිස් පරීක්ෂක සෞම්‍ය ඇතුලු නිලධාරින් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මෙම වෙළදසැල හිමි කාන්තාව කරන ලද ‍එම විර ක්‍රීයාව පසුගිය දා පැවති පොලිස් තෑගි ප්‍රධාන උත්සවයේදි ඇගයිමට ලක් කරනු ලැබිය.

ඇය කරන ලද එම ක්‍රියාව වෙනුවෙන් නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා විසින් ඇයට විශේෂ ත්‍යාගයක්ද පිරිනමනු ලැබිය.

*****************************************

උතුරේ වැසියන්ට බුදු පිළිම මානසික වදයක් – ස්ථීර තීරණයක් ගන්න නව ආණ්ඩුකාරවරයා සැරසේ

(14.01.2019 – nethnews.lk)

උතුරු ප්‍රදේශය තුළ දේශපාලන හේතූන් මත හා බලය පෙන්වීම සඳහා බුදුපිළිම තැන්පත් කිරීම නිසා ඇතිවන සමාජීය හා සංස්කෘතික ගැටලු පිළිබඳව තමන් මහානායක හිමිවරුන් සමග සාකච්ඡා කොට තීරණයකට පැමිණෙන බව උතුරු පළාතේ නව ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා.

නව ආණ්ඩුකාරවරයා යාපනයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ආණ්ඩුකාරවරයාගෙන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කොට තිබෙනවා.

උතුරේ බෞද්ධ ජනතාව නොමැති ස්ථානවල බුදු පිළිම තන්පත් කිරීමෙන් හා විහාරස්ථාන ඉදි කිරීමෙන් බුදු දහමට විශාල නිගරුවක් සිදුවන බවද ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසුවා.

තමන් බුදු දහමට ඉතාම ගරු කරන හා ඒ දහම පිළිබඳව විශාල පැහැදීමකින් සිටින පුද්ගලයෙකු නිසා මේ උදාවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් වහාම මහානායක හිමිවරු සමග සාකච්ඡා කොට ස්ථිර තීරණයකට එළඹෙන බවද සඳහන් කළා.

උතුරේ ආරක්ෂක අංශ විසින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් මත එම කඳවුරුවල බුදු පිළිම තැන්පත් කිරීමේ කිසිම වරදක් නොමැති බව සඳහන් කරන ආණ්ඩුකාරවරයා කියා සිටින්නේ ඔවුන් කඳවුරු අතහැර එම ඉඩම අයිතිකරුවන්ට බාර දෙන විට ඒ බුදු පිළිම ඉවත් කර නොගැනීම විශාල ප්‍රශ්නයක් වන බවයි.

දෙමළ වැසියෙකුගේ ඉඩමක බුදු පිලිමයක් තිබීම ගැන ඔවුන් කිසි විටකත් සතුටට පත් නොවන බවත් මේ පිළිමය නිසා ඔවුන් ඊට බිය වී විශාල මානසික වදයකින් යුතුව එම ඉඩමේ ජීවත් වන බවද ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසුවා.

– දිනසේන රතුගමගේ

*****************************************

සුනිල් එදිරිසිංහ සූරීන්ගේ දුව සංඛනී එදිරිසිංහ කුමරිය ‘පූජාසනයේ ඔබ හිඳුවා’ ගීය ගැයූ අයුරු

13.01.2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *