නව ව්‍යවස්ථා කෙටුම්පත ගැන යෝජනාවල ඇති කරුණු සම්බන්ධයෙන් එකඟ වෙන්න බෑ

(16.01.2019 – 19:15 +0530 – sinhala.adaderana.lk)

නව ව්‍යවස්ථා කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර ඇති සියළු විකල්ප යෝජනාවල හරය බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය අකර්මන්‍ය කිරීම බව බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය පැවසීය.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා සහ ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව වෙත ලිපියක් යොමු කරමින් බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය මේ බව අවධාරණය කර තිබේ.

මෙහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතට අනුව විවිධ ආගම් ප්‍රචාරය කිරීමට පුරවැසියන්ට මෙන්ම පුරවැසියන් නොවන විදේශිකයන්ට ද අයිතියක් ඇති බවයි.

පවතින තත්ත්වය හමුවේ නව ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ යෝජනාවල සඳහන් කරුණු සම්බන්ධයෙන් තමන්ට එකඟ විය නොහැකි බව ද බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය අදාල ලිපිය මගින් සඳහන් කර තිබේ.

එම මණ්ඩලය පෙන්වාදෙන්නේ මෙම ව්‍යවස්ථා කෙටුම්පත පිලියෙල කිරීමට මහා සංඝරත්නයේ හෝ ඔවුන්ගේ නියෝජිතයින් සම්බන්ධ කර ගැනීමට රජය කටයුතු කර නොමැති බවයි.

එලෙස සිදු කරන්නේ විවිධ විදේශිකයින්ගේ වුවමනාවන් ඉටු කිරීමට බව පෙන්වාදෙන බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය මෙම ව්‍යවස්ථාව පිළියෙල කිරීමට පිහිටුවා ගත් සියළු කමිටුවල සාමාජිකයින් ලෙස පත් කර ඇත්තේ ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින අය බවද සඳහන් කර තිබේ.

එම නිසා නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් ඒ සඳහා මහා සංඝ රත්නයේ නියෝජනය ද සහිතව ව්‍යවස්ථා සම්පාදක කමිටුවට එම කාර්යය භාර කරන ලෙස ද රජයෙන් ඉල්ලීමක් කරන බව ද බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය අදාල ලිපිය මගින් පෙන්වාදෙයි ෴

++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුව ප්‍රාණ ඇපයට තියා ගෙන

(16.01.2019 – 17:43 +0530 – sinhala.adaderana.lk)

තම ජාතිවාදී, බෙදුම්වාදී වුවමනාවන් ඉටුකර ගැනීමට දෙමළ ජාතික සන්ධානය, රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රාණ ඇපයට ගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

එහි ප්‍රතිඵලයක් ලෙස ෆෙඩරල් ව්‍යවස්ථා ක්‍රියාදාමය වේගවත් වී දැනට ඔවුනට නොනිල වශයෙන් උතුරු සංවර්ධන අමාත්‍යාංශය ලැබී ඇති බව ද අද (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වීරවංශ මහතා කියා සිටියේය.

උතුරු සංවර්ධන අමාත්‍යාංශයේ සියලු කටයුතු සිදු වන්නේ දෙමළ ජාතික සන්ධානයේ අභිලාෂයන්ට අනුව ඉතා පැහැදිලි බව විමල් වීරවංශ මහතා මෙහිදී ප්‍රකාශ කලේය.

දෙමළ ජාතික සන්ධානය බොරුවට විපක්ෂයේ වාඩි වුවත් ඔවුන් මේ ආණ්ඩුවේ විධායක බලය දරන හවුල්කරුවකු බව මේ වන විට ඔප්පු වී අවසන් බවත් විපක්ෂයේ වාඩි වෙමින් ඔවුන් කැබිනට් මණ්ඩලය පාලනය කරන යාන්ත්‍රණයක හවුල්කරු වී තිබෙන බවත් පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

‘‘දෙමළ ජාතික සන්ධානයේ උවමනාවට හදපු ෆෙඩරල් ව්‍යවස්ථා මුට්ටිය දැන් පාර්ලිමේන්තුව හමුවට දමා තිබෙනවා. පාර්ලිමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහ මහතා ලතෝනි දෙනවා .

‘මේක ව්‍යවස්ථා කෙටුම්පතක්වත් නොවෙයි කියලා’. හැබැයි සුමන්තිරන් මන්ත්‍රීවරයා යාපනයේදී කියා ඇත්තේ කුමක්ද? ‘මේක තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත’. රනිල් වික්‍රමසිංහ තෛපොංගල් දින උත්සවයේදී ‘මේක ව්‍යවස්ථා කෙටුම්පතක්වත් නොවෙයි’ කිව්වත් සුමන්තිරන් යාපනේදි.‘මේක ව්‍යවස්ථා කෙටුම්පතක්’ කිව්වත් මේ තමයි මේ අය අපට දාලා බලන ‘ෆෙඩරල් ව්‍යවස්ථා මුට්ටිය’. මේ මුට්ටියට අපි සැරට පහර නොදුන්නොත් ඊළඟට එන්නේ සම්මත කර ගනු ලබන ‘ෆෙඩරල් ව්‍යවස්ථා හට්ටිය’ ’’යනුවෙන් පැවසීය ෴

++++++++++++++++++++++++

15.01.2019

++++++++++++++++++++++++

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමියේ හින්දු කෝවිලක් හදන්න ඇවිල්ලා

(16.01.2019 – 11:45 +0530 – sinhala.adaderana.lk)

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමියේ හින්දු කෝවිලක් සෑදීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් පැමිණි බව මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් පවසයි.

පසුගිය 14 වනදා මෙසේ මෙම පිරිස පැමිණි බව නාහිමියන් පවසයි.

නාහිමියන් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සිදු කරනු ලැබීය.

නාහිමියන් එදින උදෑසන විහාරස්ථානයේ වැඩ වසන වෙලාවේ ට්‍රැක්ටර දෙකක භාණ්ඩ ආදිය රැගෙන දෙමළ ජනතාව පිරිසක් පැමිණි බවත් එසේ පැමිණ තමාගෙන් අවසරයක්වත් නොගෙන එකවරම විහාර සීමාවට පැමිණි බවත් හා කුඩා ටකරන් මඩුවක් සෑදීම සිදු කළ බවත් පැවසීය.

එම අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් විමසා සිටි බවත් එවිට කෝවිලක් පන්සල ඇතුළත පවතින හෙයින් තෛපොංගල් සැමරීම සඳහා පැමිණි බවත් ඔවුන් පැවසූ බව නාහිමියන් ප්‍රකාශ කළේය.

පන්සල ඇතුළේ මඩු සාදාගනිමින් තෛපොංගල් සැමරීමට කළ නොහැකි යනුවෙන් ප්‍රකාශ කර සිටියදී එම පිරිස මන්ත්‍රීවරුන් පිරිසක් ඇමතීම සිදු කළ බවත් හා මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ කලහකාරී තත්ත්වයක් ඇති කළ බවත් පැවසීය.

එම පැමිණි පිරිසගේ ඔවුන්ගේ භූමියක් යනුවෙන් පවසා සිටි බවත් නාහිමියන් ප්‍රකාශ කළේය.

එම පිරිස මඩු ගසාගෙන පන්සල් වත්තේ කිරිබත් සාදා මෙලෙසින් ප්‍රශ්නයක් ඇති කර සවස් වන විට එම මඩු ගලවාගෙන ගිය බවත් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් විමසීමේදී පැවසූවේ දැනට නයාරු විහාරය තියෙන ස්ථානයේ ජනතාවගේ කෝවිලක් පවතින බවත් එය පාරම්පරික කෝවිලක් වන බවත් එම කෝවිලේ පූජවන් තැබීම උදෙසා මෙලෙසින් ගිය බවත්ය.

එම අවස්ථාවේ නාහිමියන් පැවසීම සිදු කර ඇත්තේ පන්සලේ මඩු ගසා තෛපොංගල් සැමරීමට අයිතියක් නොමැති බව සෙ පැවසීය.

එම නාහිමියන්ගේ ප්‍රකාශයට විරුද්ධ වන බවත් පාරම්පරික කෝවිල් තියෙන තම පිරිසගේ ස්ථානයේ පොංගල් සෑදීමට කිසිවෙකුගෙන්වත් අවසර අවසර අවශ්‍ය නොවන බවත් පැවසීය.

පසුව ඒ ගැන මම තේරුම් කර දී එම පිරිස පොංගල් කිරිබත් හදලා ඉවර කොට එතැනින් පැමිණි බවත් පැවසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *