බුදු පිළිමවලට හානිකළ අයියා-මලෝ සොයා බලංගොඩ මෙහෙයුම්

(23.01.2019 – 18:37 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල සහ අවට ප්‍රදේශවල බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන ප්‍රධාන සැකකරුවන් වන එකම පවුලේ සොහොයුරන් දෙදෙනා බලංගොඩ ප්‍රදේශයේ සැඟව සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පෙරේදා රාත්‍රියේ ඔවුන්ගේ පියාගේ නිවසෙහි තිබී හඳුනා නොගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක්, වායු රයිෆලයක්, පණිවුඩ හුවමාරු යන්ත්‍ර ඇතුලු තවත් භාණ්ඩ රැසක් සොයාගත්තා.

ඒ, එම පියා අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුවයි.

එම ස්ථානයේ තිබී 13 දෙනෙකුගේ නම් ලැයිස්තුවක්ද සොයාගෙන ඇති අතර, බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින හත්දෙනෙකුගේ නම් එම ලේඛනයට ඇතුළත්.

සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මාවනැල්ල – හිගුල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අන්තවාදී ආගමික කල්ලියක සාමාජිකයින් ලෙස කටයුතු කරන බවට දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇති බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

සැකකරුවන් පුත්තලම – වනාතවිල්ලුව ප්‍රදේශයේ පොල්වත්තක සැඟව සිටින බවට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේදී එහි තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් සහ ඩෙටනේටර් 100 කට වැඩි සංඛ්‍යාවක්ද සොයාගත්තා.

මේ අතර මාවනැල්ල – රන්දිවෙල ප්‍රදේශයේ එලෙස විනාශ කරන ලද බුදු පිළිමයක් වෙනුවට නව බුදු පිළිමයක් තැන්පත් කිරීම අද ප්‍රදේශවාසීන් විසින් සිදුකළා. හිරු වාර්තාකරු සඳහන් කළේ මාවනැල්ල – බෙලිගම්මන රජමහා විහාරස්ථානයේ සිට රිය පෙරහරකින් බුදු පිළිමය වැඩමවූ බවයි ෴

*****************************************

දස සිල් මාතාවක දූෂණය කළ සාදු බල්ලෙකු රක්ෂිත බන්ධනාගාරට

(23.01.2019 – hirunews.lk/sinhala ඇසුරෙන්)

43 හැවිරිදි දස සිල් මාතාවක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු සාදු බල්ලෙකු සහ එම සාදු බල්ලාගේ රියදුරා පෙබරවාරි 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජානක සමරසිංහ මහතා අද නියෝග කළා.

සැකකාර රියදුරා එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙලෙස බන්ධනාගාර ගතකළ සාදු බල්ලා පදවිය – දහඅටේ කණුව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති බල්ලා ලෙස කටයුතු කරන අතර, සැකකාර රියදුරා තලාව – කෝන්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

43 හැවිරිදි සැකකාර සාදු බල්ලාට එරෙහිව පදවිය මහේස්ත්‍රාත් අධිකරණයේ ළමා අපයෝජන නඩුවක්ද පවතින බව සඳහන්.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කළේ පසුගිය 16 වනදා මෙම දසසිල් මාතාව අනුරාධපුර රෝහලේ සායනයකට පැමිණ ඇති බවයි.

පසුව රුවන්වැලි සෑය වැඳපුදාගැනීමට යෑමේ අරමුණින් අනුරාධපුර – මාකට් පෙදෙසේ රැඳී සිටි අවස්ථාවේදී මෝටර් රථයකින් පැමිණි සැකකාර බල්ලන් දසසිල් මාතාව රුවන්වැලි සෑය අසළට ඇරලවන බව පවසා ථූපාරාමය ආසන්නයේ විශ්‍රාම ශාලාවකට රැගෙන ගොස් තිබෙනවා.

එහිදී මෙම අපරාධය සිදුව ඇති බව ප්‍රකාශ කළ පොලීසිය පසුව සැකකාර බල්ලන් එම මෝටර් රථයෙන්ම දස සිල් මාතාව රැගෙනවිත් අනුරාධපුර මාකට් පෙදෙස අසළ දමා ගොස් ඇති බව අධිකරණයට දන්වා සිටියා.

බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරිනියක සමඟ පැමිණ දසසිල් මාතාව සිද්ධිය පැමිණිලි කර ඇත්තේ ඉන් අනතුරුවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *