කිරලාගල නටඹුන් ස්ථූපය මත නැග ඡායාරූප ගත් සරසවි ඌරු පැටව් අත්අඩංගුවට

(23.01.2019 – 20:50 +0530 – sinhala.adaderana.lk ඇසුරින්)

කිරලාගල නටඹුන් ස්ථූපය මත නැග ඡායාරූප ගත් සරසවි සිසුන් අත්අඩංගුවට

හොරොව්පතාන, කිරලාගල පුරාවිද්‍යා රක්ෂිතයේ නටඹුන් වී ඇති ස්ථූපයක කොටසක් මත සිට පිරිසක් ගත් ඡායාරූප ගත් අග්නිදිග විශ්විද්‍යාල සිසුන් 7 දෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිරලාගල නටඹුන්  ස්ථූපය මත නැග ඡායාරූප ගත් සරසවි සිසුන් අත්අඩංගුවට

පුරාවිද්‍යාත්මක ස්ථානයක මෙලෙස හැසිරුණු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා බෞද්ධ තොරතුරු කේන්ද්‍රය ඊයේ (22) පොලිස් මූලස්ථානයට පැමිණ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

අදාළ ඡායාරූපවල සිටින පුද්ගලයින් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් බව වාර්තා වෙයි

එමෙන්ම එම පිරිසට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසට විෂය භාර අමාත්‍යවරයා තමන්ට උපදෙස් දුන් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අද දෙරණ සමග කියා සිටියේය.

අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ හොරොව්පතාන නගරයට ආසන්නයේ කිරලාගල පදානඝර විහාර සංකීර්ණය පිහිටා තිබේ.

ක්‍රිස්තු වර්ෂ 4 වන හා 5 වන සියවසට අයත් බව පැවසෙන මෙම විහාර සංකීර්ණය භාතිකාභය තිස්ස රජු විසින් කරවන ලද සෙල් ලිපියක දපතකර වෙහෙර ලෙසද හඳුන්වා තිබේ.

පසුගිය දිනක පිරිසක් එහි නටඹුන්ව ඇති චෛත්‍ය මත නැඟ ඡායාරූප ගෙන සමාජ ජාලා වෙත මුදා හැර තිබුණු අතර එම ක්‍රියාව බොහෝ පිරිසකගේ දැඩි විවේචනයට ලක්ව තිබුණේය.

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

දාගැබට නැග ඡායාරූප ගත් සරසවි සිසුන් 7 දෙනා රිමාන්ඩ්

(24.01.2019 – 15:51 +0530 – lankadeepa.lk)

ඓතිහාසික කිරළාගල දාගැබ මත නැගී දාගැබට අපහාස වන අයුරින් ඡායාරූප ලබාගෙන අන්තර්ජාලයට මුදාහැරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 7 දෙනා පෙබරවාරි 5 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ අල්විස් මහතා අද (24) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අග්නිදිග සරසවියේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුන් 7 දෙනෙකි.

පුරාවිද්‍යා වටිනාකම් ඇති ස්ථානයක දාගැබක් මත නැගී ඡායාරූප ගෙන ඒවා මුහුණු පොතට මුදාහැර අදාළ දාගැබට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම සැකකාර සිසුන් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඓතිහාසික කිරළාගල දාගැබ පිහිටා ඇත්තේ හොරොව්පොතාන මැදවච්චිය මාර්ගයේ හොරොව්පොතානේ සිට කිලෝමීටර් 7 ක් ගිය පසුය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *