කූඨ සැලැස්මක් ගැන විමල් ගෙන් හෙළිදරව්වක්

(28.01.2019 – 19:27 +0530 – sinhala.adaderana.lk)

ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ආර්ථික තීරුවක් ස්ථාපිත කිරීම සඳහා මිලේනියම් කෝපරේෂන් නැමැති අමෙරිකානු ආයතනයකට මෙරට ඉඩම් අක්කර තිස්දහසක් ලබාදීමට ආණ්ඩුව එකඟ වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කඩුවෙල පැවති ජනහමුවකදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මේ බව සඳහන් කළේය.

මේ අතර ගොවීන්ගේ කෘෂිකාර්මික ඉඩම් ආර්ථික තීරුවක් ස්ථාපීත කිරීම සඳහා පවරාගැනීමට කූඨ සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විමල් වීරවංශ මහතා පැවසීය.

මේ අතර අමෙරිකාවට අක්කර 30,000 ක ගුවන් හමුදා සේවා කඳවුරක් ඇතුළුව ඉඩම් ලබාදීමට එකඟ වුයේ නිකන් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.

+++++++++++++++++++++++++++++++++++++

28.01.2019

*****************************************

CIA කොටුකරගත් දරුවන් නොමග යැවීම

(28.01.2019 – 20:34 +0530 – hirunews.lk/sinhala)

ජාඇල ප්‍රදේශයේ මහවිද්‍යාල පරිශ්‍රයක් තුළ ළමුන් සූදුවට යොමු කරන කාන්තාවක් පිළිබඳ තොරතුරක් හිරු සී.අයි.ඒ. වෙත අනාවරණය වුණා.

අද හිරු සී.අයි.ඒ. වෙන්වන්නේ ඒ පිළිබඳවයි.

++++++++++++++++++++++++

ළමුන් සමග බූරු ගැසූ කත කොටුවෙයි

(29.01.2019 – 19:55 +0530 – hirunews.lk/sinhala)

ජා ඇල ප්‍රදේශයේ මහා විද්‍යාල පරිශ්‍රයක් තුළ ළමුන් සූදුවට යොමු කරන කාන්තාවක් සම්බන්ධයෙන් හිරු සී.අයි.ඒ. ඊයේ කළ අනාවරණයෙන් පසු අදාළ කාන්තාව හා එම පාසලේ ආරක්ෂක නිලධාරිනිය ජා ඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිණියන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 12 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ජා ඇල ප්‍රදේශයේ මිශ්‍ර පාසලක සති අන්තයේදී විවිධ ක්‍රීඩා ඇතුළු පාසලේ විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා පැමිණෙන තරුණ වයසේ පසුවන දරුවන් සම්බන්ධ කරගනිමින් පිටස්තර කාන්තාවක් පාසල් භූමිය තුළ සූදු ව්‍යාපාරයේ නිරතවන ආකාරය අප ඊයේ හෙළි කළා.

++++++++++++++++++++++++

30.01.2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *