රිය අනතුරකින් ටෙලි නළු රවීන්ද්‍ර යසස් රෝහලේ

(28.01.2019 – 09:19 +0530 – lankadeepa.lk)

ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය නළුවකු මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරයකු වු රවීන්ද්‍ර යසස් මහතා අද (28) බණ්ඩාරගම දී සිදුවූ අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.

මන්ත්‍රිවරයා පැදවු සුඛෝපභෝගී මෝටර් රථය කුඹුක් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

සිදුවූ අනතුරින් මෝටර් රථය පරිහරණයට ගත නොහැකි ලෙස බරපතල අලාභ හානි සිදුවී ඇති බව පොලිසිය කියයි.

මන්ත්‍රීවරයා බණ්ඩාරගම නිවස කරා යමින් සිටියදී මාර්ගයෙන් ඉවතට ඇදී ගිය මෝටර් රථය කුඹුක් ගසෙහි ගැටී ඇතැයි පොලිසිය පවසයි.

*****************************************

අලුත් ව්‍යවස්තාව කොටින්ගේ උවමනාවටයි..

(29.01.2019 – 12:00 +0530 – lankacnews.com)

අලුත් ව්‍යවස්තාව ගෙන එන්නේ කොටි සංවිධානයේ උවමනාවට බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තරුණ බල මණ්ඩල සමුළුව අමතමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

මන්ත‍්‍රවරයා තව දුරටත් මෙසේද පැවසීය :

‘‘මේ බිම තරුණ තරුණියන්ට අලුත් තැනක් නෙමෙයි. මේ භූමිය තරුණ තරුණියන් සිය ගනණක් ජීවත ගලවා ගත්ත බිමක්. මගේ තාත්තා 88-89 භිෂණ කාලේ තරුණ තරුණියන් සිය ගණනක් ජීවිත ගලවා ගත්තා.ඹවුන්ව මේ ගෙදර නවතාගෙන ආරක්ෂා කලා. තාත්තත් එක්ක මමත් උදේ පාන්දර 2-3 ඉදලා ගම්පහ දිස්ත්‍රික්කයේ පොලීසි ගානේ ගියා කලින් දවසේ උස්සපු තරුණ තරුණියන් බේරගෙන ආවා. ඔවුන් එක්ක පානුයි පරිප්පුයි කමින් ඔවුන්ව මෙතන තියාගෙන රැක්කා. එහෙම බිමක් මේක.

අද මේ රට පාළනය කරන්නේ අලි කොටි සීනු තුන් හවුල මේ රට විනාශ කරලා ඉවරයි. දැන් මේ ව්‍යවස්ථාව ගේන්න හදන්නේ කොටි උවමනාවට. ඒකට සීනුවත් උඩ ගෙඩි දෙනවා. මේ කුමන්ත්‍රණය පරාජය නොකළොත් මේ රට අපට අහිමි වෙනවා. ඒ නිසා මේ රට බේරා ගැනීම සදහා මෙරට තරුණ පරපුර පෙරට ආ යුතුමයි.’’

– ප‍්‍රදීප් අනුර කුමාර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *