රේගු නිලධාරීන් සේවයෙන් ඉවත් වෙයි

(30.01.2019 – 17:33 +0530 – sinhala.adaderana.lk)

රේගු අධ්‍යක්ෂ ජනරාල්ධූරයට ශ්‍රි ලංකා රේගු සේවයේ හෝ පරිපාලන සේවයෙන් පරිභාහිර අයෙකු පත් කිරීමට විරෝධව දක්වා රේගු නිලධාරීන්ගේ සංගමය මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබේ.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපලේ ගුවන් භාණ්ඩ අංශය හා අපනයන අංශ හැර අනෙකුත් අංශවල සේවකයින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව තිබේ.

රේගු අධ්‍යක්ෂ ජනරාල්ධූරය රජයේ නීති රීති අනුව රාජ්‍ය පරිපාලන සේවයේ හෝ ශ්‍රී ලංකා රේගු සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීයෙකු විසින් දැරිය යුතු තනතුරක් වන අතර, එම නීති රීති සියල්ල උල්ලංඝනය කරමින් දේශපාලන අවශ්‍යතා මත විශ්‍රාමික ආරක්ෂක සේවා නිලධාරියෙකු පත් කිරීමට තීරණය කිරීම හා රාජ්‍ය සේවයේ නිලධාරීන් ලෙස අනුමත නොකරන බව ද එම සංගමය පවසයි.

එසේම මෙම පුද්ගලයා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු ලෙස පිළිගෙන ඔහු යටතේ සේවය කිරීමට කිසි ලෙසකින් හෝ සුදානම් නොවන බව ද රේගු වෘත්තිය සමිති සන්ධානය පවසයි.

මෙම ක්‍රියාපටිපාටිය යළි වෙනස් කරන තුරු අද (30) සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබේ.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කර, ඒ වෙනුවට විශ්‍රාමික රියද් අද්මිරාල් ශමාල් ප්‍රනාන්දු මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්ධූරයට පත් කිරීම සඳහා ඊයේ කැබිනට් අනුමැතිය හිමිව තිබේ ෴

++++++++++++++++++++++++

රේගුවේ වැඩ වැරුමක් – ආනයනික අත්‍යවශ්‍ය ආහාර නිදහස් කිරීමත් නවතී

(30.01.2019 – nethnews.lk)

ශ‍්‍රී ලංකා රේගුවේ වෘත්තීය සමිති කිහිපයක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට විශ‍්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට එරෙහිවයි මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත්තේ.

මේ, ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදිත ජයසිංහ මහතා :

මෙම වැඩවර්ජනය නිසා සිදුවන සේවා බිදවැටීම් පිළිබදව ද මෙහිදී විස්තර කෙරුණා :

සිය වෘත්තීය සමිති අරගලය සම්බන්ධයෙන් විසදුමක් ලබාදීමට ජනාධිපතිවරයාගේ මැදිහත්වීමක් අපේක්ෂා කරන බවද වෘත්තීය සමිති කියා සිටියා ෴

*****************************************

මිලේනියම් සිටි හමුදා බුද්ධි අංශ සිද්ධිය ගැන විශේෂ හෙළිදරව්වක්

(29.01.2019 – nethnews.lk)

මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය හමුදා බුද්ධි අංශ නිවෙසක් 2002 වසරේදී වැටලීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන එච්. එම්. ජී. බී. කොටකදෙණිය මහතා අද (29) විශේෂ හෙළිදරව්වක් සිදු කළා.

එහිදී ඔහු සඳහන් කළේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ වී හෝ නොතිබුණ තත්ත්වයක් තුළ තමන්ට රූපවාහිනිය වෙත ගොස් මෙම සිද්ධිය ගැන ප්‍රකාශයක් සිදු කරන්නට උපදෙස් ලැබුණු බවයි.

(එහිදී හෙළි කළ තවත් කරුණු පහතින් අහන්න)

අදාළ සිද්ධිය වන සමයේ එච්. එම්. ජී. බී. කොටකදෙණිය මහතා කොලඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *