ත්‍රී රෝද රථ කොල්ලකන ජාවාරමක තොරතුරු හෙළි වෙයි

(04.02.2019 – 08:21 +0530 – sinhala.adaderana.lk)

දිවයිනේ නගරවල සවිකර තිබූ සී.සී.ටී.වී කැමරා ආධාරයෙන්, දිවයින පුරා මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කරන ත්‍රී රෝද රථ කොල්ලකන ජාවාරමක තොරතුරු හෙළි කරගෙන ඇත.

පසුගිය ජනවාරි මස 18 වන දින දඹුල්ල නගර මධ්‍යයේ නවතා තිබූ ත්‍රීරෝද රථයක් පැහැරගැනීමක් පිලිබඳව ලැබුණු පැමිණිල්ලක් මත දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පතු වික්‍රිමරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම පරීක්ෂණ දියත් කිරීමේ දී දිවයිනේ ත්‍රි රෝද රථ මංකොල්ල කන සංවිධානාත්මක කණ්ඩායමක පුද්ගලයන් 04 දෙනෙකු ත්‍රී රෝද රථය ද සමඟ අතුරුගිරිය හබරකඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රී රෝද රථය පැහැර ගත් දින සිට දඹුල්ල පොලිසියේ පොලිස් කණ්ඩායම නගර මධ්‍යයේ සවිකොට තිබූ සී.සී.ටී.වී දර්ශන උපයෝගී කරගෙන දින 13 ක කාලයක් ම ත්‍රී රෝද රථය සොයා පරීක්ෂණ ආරම්භ කොට ඇත.

ඒ අනුව මුලින්ම මාතලේ මඩවල ප්‍රදේශයේ හෝටලයක ත්‍රී රෝද රථය පැහැරගෙන යන ආකාරයත් ඔහු එම හෝටලයෙන් ආහාර ගන්න ආකාරය සොයා ගැනීමත් සමඟ මෙම පුද්ගලයා සොයා මහනුවර මැණික්හින්න ප්‍රදේශය, බලගොල්ල ප්‍රදේශය සහ අතුරුගිරිය හබරකඩ යන ප්‍රදේශවලට පොලිස් කණ්ඩායම් යවා තිබිණි.

මෙහිදී ත්‍රී රෝද රථය අලෙවි කළ සහ සොරාගත් කණ්ඩායමේ පුද්ගලයන් 4 දෙනෙකු කොටු කර ගැනීමට පොලිසිය සමත් විය.

ප්‍රධාන සැකකරු අනුරාධපුර ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් දෙවන සැකකරු මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ සහ කුණ්ඩසාල ප්‍රදේශයේත් ත්‍රී රෝද රථය ලඟ තබා ගත් පුද්ගලයා අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.

මේ සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි දඹුල්ල පොලීසිය පවසයි.

මෙම ජාවාරම්කරුවන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගොස් ඉතා රහසිගතව , නවතා ඇති ත්‍රී රෝද රථ සොරාගෙන මහනුවර කුණ්ඩසාලය ප්‍රදේශයේ නිවසක රඳවා තබා රථයේ පැහැය සහ හඳුනාගැනීමේ අංක තහඩු වෙනස් කොට ඉතා රහසිගතව අතුරුගිරිය ප්‍රදේශයේ මෙම ජාවාරම්කරුට ලබාදෙන බවත් එහි වටිනාකම කොපමණ වුවද ඔහු මිලදී ගනු ලබන්නේ රුපියල් ලක්ෂයක මුදලකට බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පසුව මෙම කණ්ඩායම එම ත්‍රී රෝද රථවල අංක සහ ලියාපදිංචි අංක වෙනස් කොට ව්‍යාජ ලේඛණ සකසා ත්‍රී රෝද රථ අලෙවි කිරීම සිදු කරන බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි විය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කොට තිබේ ෴

*****************************************

නුගේගොඩ ජාත්‍යන්තර පාසලේ නිවුන් සහෝදරියන්ගේ අනග රැඟුම් කොටු වූ හැටි

(04.02.2019 – gossiplankanews.com)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *