මුහුණට මුහුණ සිදුවූ මාරක අනතුරක් – CCTV දර්ශන සහිතයි

(04.02.2019 – 16:30 +0530 – sinhala.adaderana.lk)

පානදුර-හොරණ ප්‍රධාන මාර්ගයේ රඹුක්කන සහ බණ්ඩාරගම අතර තුන්බෝධිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

ඊයේ(03) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ත්‍රිරෝද රථයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අකාරය අසල වෙළඳසැපක සවිකර තිබු ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබේණි.

අදාළ අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

*****************************************

ගම්පහ – නයිවල උද්‍යානයක කතුරු ඔංචිල්ලාවක් කඩා වැටී මව මරුට – දියණියට තුවාල

(04.02.2019 – 13:34 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ – නයිවල ප්‍රදේශයේදී පිහිටි උද්‍යානයක කතුරු ඔංචිල්ලාවක් කඩා වැටී මව ජීවිතක්ෂයට පත්ව දියණිය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සදහන් කළේ අද පෙරවරුවේ කතුරු ඔංචිල්ලාවේ එක් රදවනයක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

සිද්ධියෙන් මියගිය මව සියඹලාපිටිය – කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි පොලීසිය සදහන් කළේ.

අනතුරින් තුවාල ලැබූ 13 හැවිරිදි දියණිය මේ වනවිට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

*****************************************

අණ නොතැකු යතුරුපැදිය පොලිස් නිලධාරියෙක් යට කර යයි

(04.02.2019 – 17:44 +0530 – sinhala.adaderana.lk)

කොළඹ ප්‍රදේශයේ යතුරුපැදි සංගමයක සමාජිකත්වය දරණ තරුණයන් පිරිසක් නුවරඑළියේ සිට හැටන් හරහා කොළඹ දක්වා ධාවනය කරන අවස්තාවේ වටවල ප්‍රදේශයේ දී යතුරුපැදි කරුවන් නතර කිරීමට උත්සහ කළ වටවල පොලීසියේ නිලධාරියෙකු යට කර තුවාල සිදු කර පළා යාමට උත්සහ කළ තරුණයන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් හා යතුරුපැදි හතරක් ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (04) හැටන් වැඩ බලන මහේසත්‍රාත් එස්.රාජෙන්දුන් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එම සැකකරුවන් මේ මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එම සැකකරුවන් යතුරුපැදි සංගමයේ සමාජිකත්වය දරණ තවත් යතුරුපැදි කරුවන් විශාල පිරිසක් සමඟ ඉකුත් 02 සෙනසුරාදා ශ්‍රි පාදස්ථානය සංචාරය කර පසුව එදිනම නුවරඑළිය සංචාරය නියැළි පසුව ඊයේ කොළඹ දක්වා ධාවනය කරවන අවස්තාවේ හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි යතුරුපැදිකරුවන් පරික්ණෂා කිරීමට හැටන් පොලිස් රථ වාහන අංශයේ නිලධාරින් අණ කර ඇති අතර, එම අණ නොතකා යතුරුපැදි කරුවන් කොළඹ දෙසට ධාවනය කරවන අවස්තාවේ වටවල පොලීසියට හැටන් පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් ලබාදුන් තොරතුර මත වටවල පොලීසිය ඉදිරිපිටදි එම යතුරුපැදිකරුවන් නතර කිරීමට උත්සහ කළ බව වටවල පොලීසියේ ස්ථානාධිපති ලලිත් මහගෙදර මහතා කියා සිටියේය.

අධික වේගයෙන් පැමිණි යතුරුපැදිකරුවන් රාජකාරියේ නියැලි සිටි පොලිස් නිලධාරියෙකු යට කර තුවාල සිදු කර පළා යාමට උත්සහ කිරීමේදි යතුරුපැදි දෙකක ගමන් ගත් තරුණයන් සිව්දෙනෙක් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන අද (04) හැටන් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

අනතුරෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියා වටවල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් රත්නපුර, කිරුලපන, පිලියන්දල සහ මින්නේරිය යන ප්‍රදේශවල අවුරුදු 20 ත් 25 වයස් කාණ්ඩ වල පසුවන අය බවත්, යතුරුපැදි 50 පමණ මෙම සංචාරයට යොදාගෙන ඇති බවත්, එක් සැකකරුවෙකු පැළද සිටි ආරක්ෂිත හිස්වැසුමේ පොලීසියට අපහාස වන අයුරින් සටහනක් යොදවා තිබු බව පොලිස් ස්තානාධිපතිවරයා කියා සිටියේය.

මෙම සැකකරුවන්ට අනනොතකා ධාවනය කිරීම, අපරික්ෂකාරි ලෙස යතුරුපැදි ධාවනය කිරීම, රාජකාරියේ නියැලි සිටි පොලිස් නිලධරියෙකු තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *