මාකඳුරේ මධුෂ් ඇතුළුව 25 ක් අත්අඩංගුවට – ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙකුත් ඒ අතර

(05.02.2019 – 13:19 +0530 – sinhala.adaderana.lk)

ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන‘මාකඳුරේ මධූෂ්’ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇත.

ආරක්ෂක අංශ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගැනීමට හැකි වු බව වාර්තා වන්නේය.

මෙහිදී තවත් අපරාධ කල්ලි සාමාජිකයින් 24 දෙනෙකු සහ මෙරට ජනප්‍රිය ගායකයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මාකදුරේ මධූෂ් විසින් ඩුබායි හිදී සංවිධානය කර තිබූ උත්සව සාදයක් අතරතුර මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී ඔවුන් සතුව තිබී මත්ද්‍රව්‍ය තොගයක් ද සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් අතර කෙසෙල්වත්තේ දිනුක සහ කංජිමාන් ඉම්රාන් නැමැති පුද්ගලයින් දෙදෙනා ද වන බව වාර්තා වේ.

මෙරට සිදුවූ අපරාධ රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අවශ්‍ය සිටි පුද්ගලයෙකු වන සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකදුරේ මධූෂ් ආරක්ෂක අංශවලින් මිදී පසුගිය කාලය පුරා විදෙස් රටක වාසය කළේය.

කෙසේවෙතත් ඔහු අවස්ථා කිහිපයකදී දිවයිනට පැමිණ ඇති බවට ද වාර්තා පල විය ෴

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

මාකදුරේ මධූෂ් වහාම ලංකාවට ගෙන්වන්න ජනපතිගෙන් නියෝග

(05.02.2019 – 14:08 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඩුබායි රාජ්‍ය බලධාරීන් සමඟ කළ ඉල්ලීමට අනුව මාකදුරේ මධූෂ් වහාම ලංකාවට රැගෙන එන ලෙස අදාල ආරක්ෂක නිළධාරීන්ට දන්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

අපරාධ රැසකට සම්බන්ධ ප්‍රබල පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මධුෂ් ඇතුළු සිව් දෙනෙකු ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණා.

අද (05) අලුයම ඩුබායි හි ප්‍රධාන පෙළේ හෝටලයක කොකේන් නැමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 20 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් අතර කෙසෙල් වත්තේ දිනුක ඇතුළු ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයින් සිටින බව වාර්තා වනවා.

ඩුබායි හෝටලයේ සිට මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන අමල් පෙරේරා ද සිටින බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් අනෙක් පිරිස හඳුනා ගැනීමේ විමර්ශන කටයුතු මේ වන විට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය මැඩලීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ ආරක්ෂක අංශ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කරගැනීම පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කෙරුණා ෴

++++++++++++++++++++++++

මාකඳුරේ මධුෂ් ඇතුළු පාතාලයින් කොටු කල මෙහෙයුම

(05.02.2019 – nethnews.lk)

මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයින් 23 දෙනෙකු, ගායක අමල් පෙරේරා සහ ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙකු ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලිසිය සමග මෙරට ආරක්ෂක බලධාරීන් විසින් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හැකිවී තිබෙනවා.

මාකඳුරේ මධුෂ් විසින් සිය පුතුනුවන්ගේ උපන් දිනය සැමරීම සදහා මෙම සාදය සංවිධානය කර තිබු බවයි වාර්තා වන්නේ. මේ වන විට ශ්‍රී ලංකාවෙන් පැන ගොස් සිටින ප්‍රබල පාතාල සාමාජිකයින් හට ඔහු විසින් ආරාධනා කර තිබු බව වාර්තා වන්නේ.

මධුෂ්ගේ මෙම සාදය සම්බන්ධයෙන් මෙරට සිටින ආරක්ෂක අංශ නිලධාරීන් වෙත තොරතුරු ලැබීමත් සමග මෙරට ආරක්ෂක බලධාරීන් සහ ඩුබායි පොලිසියේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් මෙම මෙහෙයුම සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඊයේ (04) රාත්‍රියේදී ඩුබායිහි හෝටලයේ විශේෂ අමුත්තන් සදහා වෙන් කර තිබු කොටසක මෙම සාදය පැවැත්වෙමින් තිබියදී ශ්‍රී ලංකා – ඩුබායි ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය විසින් වටලා තිබු අතර එහි සිටි මාකදුරේ මධුෂ් සහ පාතාල නායකයින් වන කෙසෙල්වත්ත දිනුක්, කනිචපානි ඉම්රාන්, අංගොඩ චුටි ඇතුළු අපරාධකරුවන් 25 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුම සිදුවූ අවස්ථාව වන විට සාදයට සහභාගී වීමට පැමිණෙමින් සිටි තවත් ප්‍රබල පාතාල නායකයින් දෙදෙනෙක් හෝටලය තුල සිටි අනෙක් පාතාල සමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වී ඇති බව දැන ගත් විගස ඔවුන් එම ස්ථානයෙන් පැන ගොස් ඇති බව වාර්තා වනවා. මෙලෙස පැන ගිය එක් පාතාල නායකයෙක් වන්නේ කොස්ගොඩ සුජි බවයි වාර්තා වන්නේ.

මේ පිරිස සමග සිටි මෙරට ජනප්‍රිය ගායකයෙක් වන අමල් පෙරේරා සහ ටෙලි නාට්‍ය නළුවෙක්ද එම විශේෂ ඒකකය විසින් සිය අත්අඩංගුවට ගෙන ඇත. අමල් පෙරේරා සහ මෙම පාතාල නායකයින් සමග ඇති සම්බන්ධයක් කුමක්ද යන්න ගැන මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටියි.

අත්අඩංගුවට ගනු ලැබූ මෙම පිරිස සන්තකයේ තිබී හෙරොයින් සහ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍යද සොයා ගෙන ඇත. දැනට මොවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින අතර මොවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග පිලිබදව දෙරටේ බලධාරීන් සාකච්ජා කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

++++++++++++++++++++++++

පාතාල නායක මධුෂ් 25 දෙනෙකු සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට – කෙසෙල්වත්තේ දිනුක, අංගොඩ සුද්දා, රණාලේ චුට්ටා, ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ පුතු නදීමාල් පෙරේරාත් ඒ අතර

(05.02.2019 – 19:18 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලු මෙරට සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රබල පාතාල නායකයෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ඩුබායි හි සුපිරි හෝටලයකදී එරට ආරක්ෂක අංශ විසින් අද අත්අඩංගුවට ගත්තා.

ඔහු සමඟ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් හතරදෙනෙකු ඇතුලු 25 දෙනෙකු ද අත්අඩංගුවට ගැනුනු අතර, ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ද පිරිස අතර සිටිනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවයි.

ඊට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේද සහය හිමිවූ බව ද ඔහු සඳහන් කළා.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් ළඟ තිබී හෙරොයින් සහ කොකේන් ද සොයාගෙන තිබුණා.

පාතාල නායක මාකඳුරේ මධුෂ් විසින් එම හෝටලය තුළ විශේෂ උපන්දින සාදයක් සංවිධාන කර තිබුණේ තම දෙවන බිරිඳට දාව උපන් පුතුගේ උපන් දිනය වෙනුවෙන්.

කළකට ඉහත මියගිය පාතාල සාමාජිකයෙකු වූ කළු තුෂාරගේ බිරිඳ මෙලෙස මධුෂ් සමඟ ඩුබායි හි වාසය කරන බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණා.

මෙම උපන් දින සාදය සඳහා ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඩුබායි හි සැඟව සිටින සියලුම පාතාල සාමාජිකයන් සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් රැසකට ආරාධනා කර තිබීමද විශේෂත්වයක්.

ඒ අනුව අද මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රබල පාතාල සාමාජිකයින් වන කෙසෙල්වත්තේ දිනුක, කංජිපානි ඉම්රාන්, රණාලේ චුට්ටා සහ අංගොඩ සුද්දා ද සිටින බව සඳහන්. එමෙන්ම ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන අමල් පෙර්රා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන රයන් වෑන්රොවන් ද ඔවුන් අතර සිටිනවා.

ඔවුන් පාතාල නායක මධුෂ් සමඟ එහි රැඳී සිටියේ කුමන කාරණාවක් සම්බන්ධයෙන්ද යන්න පිළිබඳ විමර්ශන සිදු කෙරෙන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.

කෙසේ වෙතත් වසර 40 ක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු අද සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබුණා.

එහෙත් ඔහුට වසරක සේවා දිගුවක් ලබාදීමට යෝජනා කරමින් ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන අද රැස්වූ අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර, ඊට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

පාතාල නායක මාකඳුරේ මධූෂ්ට එල්ලවූ පළමු චෝදනාව වන්නේ දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වූ ඩැනී හිත්තැටිය ඝාතනයයි.

අනතුරුව බන්ධනාගාර ගතව සිටි ඔහු ඇප ලබා පැමිණීමෙන් පසුව දිගින් දිගටම පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී තිබුණා.

මෑත කාලයේ සිදුවූ කළුතර – එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා සමයං ඇතුලු පාතාල සාමාජිකයින් පස්දෙනෙකු, බන්ධනාගාර නිලධාරියෙකු ඇතුලු හත්දෙනෙකු ඝාතනයද මොහු සහ පාතාල නායක අංගොඩ ලොක්කාගේ මෙහෙයවීම යටතේ සිදුව තිබුණා.

මීට අමතරව එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟද එවකට සබඳතා පැවැත්වූ බවට මාකඳුරේ මධුෂ්ට චෝදනා එල්ලවූ අතර, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධයෙන්ද ඔහුගේ නම කියවුණා.

ඒ, ඔහුගේ සහය ඇතිව මෙම ඝාතන සැළසුම් නිර්මාණය වූ බවට දූෂණ විරෝධී බලකාය පසුගිය වසරේ සැප්තැම්බර් 9 වනදා සිදුකළ හෙළිදරව්වත් සමඟයි.

මේ අතර රිය අනතුරකින් මියගිය මධූෂ්ගේ පියාගේ අවසන් කටයුතු පසුගිය වසරේදී සූරියවැව ප්‍රදේශයේදී සිදුකෙරුණු අතර, ඊට මධුෂ්ගේ මෙහෙයවීමෙන් ගුවනින් මල් ඉසීම පිළිබඳවද දැඩි අවධානයක් යොමුවුණා.

මේ අතර පසුගිය කාලසීමාව තුළම මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ්ගේ ගෝලයින් රැසක් පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට පත්වීමද වැඩි වශයෙන් දක්නට ලැබුණා.

++++++++++++++++++++++++

මේ වෘත්තිය හෑල්ලු කරන්න මම කැමැති නෑ – රයන් වෑන්රොවන් (21-05-2018)

++++++++++++++++++++++++

05.02.2019

++++++++++++++++++++++++

මදූෂ් ඇතුළු පිරිසගෙන් ප්‍රශ්න කිරීම් දිගටම – රඳවා ඇති තැනත් ඩුබායි වාර්තා හෙළිකරයි

(06.02.2019 – nethnews.lk)

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් ඇතුලු පිරිස සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (05) අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීම් ද සිදුව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. මෙම පිරිස මේ වනවිට ඩුබායිහි බන්ධනාගාර සිර මැදිරියක රඳවා සිටින බව සඳහන්.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ රුධිර සාම්පල ද ලබාගෙන තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කෙරෙන්නේ මේ වනවිට සිදු කරන පරීක්ෂණ අවසානයේයි.

මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය, ඩුබායි මාධ්‍යය ද ප‍්‍රමුඛ පුවතක් ලෙස වාර්තා කර තිබෙනවා. ඒවායේ දැක්වෙන්නේ ශ‍්‍රී ලංකාවට අත්‍යවශ්‍ය අපරාධකරුවෙකු සිය රටේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන් සතුව තිබී මත්ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් ද සොයාගත් බව ඩුබායි මාධ්‍ය වාර්තා කර තිබුණා. ශ‍්‍රී ලංකා සහ ඩුබායි බලධාරීන් එක්ව මෙම මෙහෙයුම සිදු කළ බවත් ඉදිරි පරීක්ෂණ ද දෙරටේ බලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුවන බවත් එහි වැඩිදුරටත් සඳහන්.

මාකඳුරේ මදූෂ්ට අමතරව තවත් සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගැනුණා. ඒ වනවිට ඔවුන් ඩුබායිහි සුපිරි හෝටලයක පැවැති සාදයකට සහභාගී වී සිටියා.

මෙරට අපරාධ රැසකට සම්බන්ධ මාකඳුරේ මදූෂ් නැමැත්තා කලක් තිස්සේ ඩුබායිහි සැඟවී සිටින බවට තොරතුරු ලැබී තිබුණා. කලූ තුෂාර නැමැති තවත් පාතාල කල්ලි සාමාජිකයෙකුගේ බිරිඳ සමග ඔහු එහි රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

මධූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වූ සුපිරි හෝටලයේ පැවැති සාදය සංවිධාන කර තිබුණේ ද ඔවුන්ගේ පුත‍්‍රයාගේ උපන් දිනය වෙනුවෙන්. එහිදී මදූෂ්ට අමතරව තවත් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඒ අතරට හෙරොයින් සහ සංවිධානාත්මක අපරාධ කි‍්‍රයාවලට සම්බන්ධ කෙසෙල්වත්තේ දිනුක, වැලිගම සුද්දා සහ කංජිපානි ඉම්රාන් නමැත්තා ද අයත්.

තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා ද අදාළ සාදයට පැමිණ ඇති බවට ද තොරතුරු වාර්තා වනවා. සාදය පැවති ස්ථානයෙන් පිටත සිට ඇති ඔහු වැටලීම සිදුවනු දැක හෝටල් පරිශ‍්‍රයෙන් පලා ගොස් ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. මීට අමතරව ජනපි‍්‍රය ගායන ශිල්පී අමල් පෙරේරා ද ටෙලි නාට්‍ය නළුවෙකු ද ඔවුන් සමග සිටියදී අත්අඩංගුවට ගැනුණා. මෙම පිරිස සතුව මත්ද්‍රව්‍ය තිබූ බවටද තොරතුරු වාර්තා වනවා ෴

++++++++++++++++++++++++

අත්අඩංගුවට ගත් මධුෂ් සමග රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙකුත් ඉදලා

(06.02.2019 – nethnews.lk)

මාකඳුරේ මධුෂ් නම් සංවිධානාත්මක අපරාධකරු සමග අත්අඩංගුවට ගනු ලැබු පිරිස සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු තහවුරු කර ගනිමින් සිටින බව වාර්තා වනවා.

අත්අඩංගුවට ගනු ලැබු පිරිස අතර රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙක්ද සිටින බවයි ඩුබායි කලීජා ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

මේ අතර මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි බිරියගේ පුත්‍රයාගේ උපන්දින සාදයට ගීත ගායනා කිරිමට ගිය බව කියන මෙරට රියලැටි තරගයක් නියෝජනය කල බව කියන ගායකයින් 06 දෙනෙක් ද ඇතුලත් බවයි වාර්තා වන්නේ.

මාකඳුරේ මධුෂ් සමග අත් අඩංගුවට ගනු ලැබු ප්‍රබල පාතාල නායකයින් සිවුදෙනා මේ වන විට හදුනාගෙන ඇත. කෙසෙල්වත්තේ දිනුක, කනිචපානි ඉම්රාන්, අංගොඩ චුට්ටා ද ඒ අතර වන බව වාර්තා වනවා.

මෙම පිරිස අත් අඩංගුවට ගනු ලැබු අවස්ථාවේ එම ස්ථානයේ තිබි කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක්ද සොයා ගැනිමට වැටලීම සිදුකල විශේෂ මෙහෙයුම් ඒකකයේ නිළධාරින් සමත්ව තිබෙනවා.

ඩුබායි හි නිතිය අනුව අත් අඩංගුවට ගනු ලබන මත් ද්‍රව්‍ය ප්‍රමාණය අනුව එරට අධිකරණය දඩුවම් නියම කිරිම සිදුකරනු ලබන බවයි වාර්තා වන්නේ.

කෙසේ වුවත් 2017 වසරේදි කොකේන් ග්‍රෑම් 53 ක් සමග අත් අඩංගුවට ගනු ලැබු බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට ඩුබායි අධිකරණය මගින් ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබාදි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා ෴

++++++++++++++++++++++++

මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් අයෙක් ළඟ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක්

(06.02.2019 – 13:21 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි හිදී ප්‍රබල පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් අතර, රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් හිමි අයෙකු ද සිටින බව වාර්තා වනවා.

එරට පළවන කලිජ් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ සාදය පැවත්වූ ස්ථානයේ සිටියදී මොහු ද අත්අඩංගුවට පත්ව ඇති බවයි.

මේ අතර, ප්‍රබල පාතාල කල්ලි නායක මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සහ විදේශ අමාත්‍යාංශය ඩුබායි රාජ්‍ය සමඟ අද පෙරවරුව වනවිට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ජා ආරම්භ කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලු මෙරට සිදුවු දරුණු ඝණයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රබල පාතාල නායකයෙකු වන මාකඳුරේ මධුෂ් ඇතුළු 25 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදියි.

ඩුබායිහි සුපිරි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර ඩුබායි ආරක්ෂක අංශ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.

මෙම මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ පොලිස් කණ්ඩායමක සහය හිමිවූ බවයි වාර්තා වන්නේ.

මධූෂ් සමඟ අත්අඩංගුවට පත්වූ පිරිස අතර, තවත් පාතාල කල්ලි සාමාජිකයන් හතරදෙනෙකු මෙන්ම ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ද සිටියා.

වාර්තා වී ඇති තොරතුරුවලට අනුව මොවුන් සතුව තිබී හෙරොයින්, කොකේන් ඇතුලූ මත්ද්‍රව්‍ය තොගයක් ද සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ පසුගිය මාස 02 ක කාල සීමාව තුල මාකඳුරේ මධූෂ්ගේ චර්යා රටාවන් පිළිබඳව සිදුකල සමීප අධ්‍යනයකට අනුව ඩුබායි බලධාරින් සමඟ එක්ව ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකල බවයි.

අත්අඩංගුවට ගත් ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුලු සෙසු පිරිස මධූෂ් සමඟ සෘජු සබඳතා පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, විමර්ශණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු සම්බන්ධයෙන් බලපවත්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ නීතිය ද, එසේත් නොමැති නම් ඩුබායි නිතීය ද යන්න පිලිබඳව සංවාදයක් පවතිනවා.

කෙසේ වෙතත්, අතීතයේ යම් අවස්ථාවක ඩුබායි රාජ්‍ය සමග මෙවැනි අපරාධකරුවන් සම්බන්ධයෙන් කිසියම් හෝ නීතිමය එකඟතාවයකට පැමිණ ඇත්නම්, මධුෂ් ඇතුළු පිරිස ගෙන්වා ගැනීම අපහසු නොවන බවයි නීති විශාරදයන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, යම් ගිවිසුමක් නොමැති නම් නිතීපතිවරයාගේ උපදෙස් මත කඩිනමින් මෙම සැකකරුවන් ගෙන්වා ගැනීමට කටයුතු කල යුතු බවයි අධීනිතිඥ ගෝමීන් දයා ශ්‍රී මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++++

සූත්‍ර පිටකය > ඛුද්‌දක නිකාය > ධම්‌මපදපාළි > 9. පාප වර්ගය > 12

න අන්‌තලික්‌ඛෙ න සමුද්‌දමජ්‌ඣෙ
න පබ්‌බතානං විවරං පවිස්‌ස [පවිසං (ස්‍යා.)]
න විජ්‌ජතී [න විජ්‌ජති (ක. සී. පී. ක.)] සො ජගතිප්‌පදෙසො
යත්‌ථට්‌ඨිතො [යත්‍රට්‌ඨිතො (ස්‍යා.)] මුච්‌චෙය්‍ය පාපකම්‌මා.

(127) 12. යම් තැනෙක සිටි සත්ත්ව තෙම තමා විසින් කරණ ලද පාපකර්මයෙන් (විපාක දුක් අනුභව නොකොට) මිදී යේ ද, (කෙසගක් පමණ වූ ද එසේ වූ භුමිප්‍රදෙශයෙක් නැත.) ආකාශයෙහි දු (පාපකර්මයෙන් මිදෙන්නට හැකි ප්‍රදෙශයෙක්) නැත. සමුද්‍රමධ්‍යයෙහි දු (පාපකර්මයෙන් මිදෙන්නට හැකි ප්‍රදෙශයෙක්) නැත. පර්වතයන්ගේ විවරයට වැද ද පාපකර්මයෙන් මිදෙන්නට හැකි ප්‍රදෙශයෙක් නැත.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • The President might get Madush and his gangsters back to SLK, but can he trust the ministers and MPs, and other provincial and district level MPs, some amongst the current Yama Palana government. They may already be plotting how to get them released as these gangsters have been identified often as the Godfathers of those criminals that operate in the country, acting on the call of those corrupt and criminal politicians.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *