“ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය කල් දැමීමට ඉඩ තියන්නේ නෑ” – මැතිවරණ කොමිසමේ සභාපති කියයි

(06.02.2019 – nethnews.lk)

ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය කල් දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා අවධාරණය කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණය පවත්වන දිනය කල්තියා දැනුම් දීමට මැතිවරණ කොමිසම කටයුතු සැලසුම් කරන බවයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (05) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ ‘නෙත් එෆ්.එම්.අන්ලිමිටඩ් කණපිට’ වැඩසටහනට එක්වෙමින්.

මෙම වැඩසටහනට එක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතා පැවසුවේ මැතිවරණ කල් දැමීමෙන් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බලපෑමක් සිදුවන බවයි.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ ‘නෙත් එෆ්.එම්.අන්ලිමිටඩ් කණපිට’ මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *