ජාතික රූපවාහිනියේ සේවකයින් සභාපතිවරියගේ කාර්යාලය වටලයි

(06.02.2019 – 15:21 +0530 – hirunews.lk/sinhala)

ජාතික රූපවාහිනියේ අලෙවි අධ්‍යක්ෂක ඉවත් කරන ලෙස ඉල්ලා සේවකයින් මේ වනවිට රූපවාහිනියේ සභාපතිවරිය වන ඉනෝකා සත්‍යාංගනී මහත්මියගේ කාර්යාල කාමරය වටලා තිබෙනවා.

කලක් තිස්සේ සේවකයින් අලෙවි අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කලද එම ඉල්ලීම් නොසලකා හැරීම හේතුවෙන් දහවල් 1.30 ට පමණ සභාපතිවරියගේ කාර්යාල කාමරය වටලමින් මෙලෙස විරෝධයේ නිරත බවයි වාර්තා වන්නේ.

මෙම විරෝධයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම ඉල්ලීම ඉදිරිපත් කළ රූපවාහිනියේ වෘත්තීය සමිති සාමාජිකයින් 21 දෙනෙකු ස්ථාන මාරු කිරීම බවත් සේවකයින් අප සමග ප්‍රකාශ කළා.

වත්මන් අලෙවී අධ්‍යක්ෂකවරයා ඉහල වැටුපක් යටතේ රූපවාහිනියට පත් කලද ඔහු යටතේ ආයතනය බංකොලොත් වී ඇති බවයි සේවකයින් පවසන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *