හෙට (09) කොළඹට ජල කප්පාදුවක්

(08.02.2019 – 07:55 +0530 – hirunews.lk/sinhala)

මහ කොළඹ – ජල හා අපජල වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේදී ජල සැපයුම සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ හෙට රාත්‍රි 09 සිට පසුදින පස්වරු 03 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි.

ඒ අනුව කොළඹ 01, 13, 14 සහ පිටකොටුව යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය නිකුත් කරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *