මධූෂ්ගේ අනියම් බිරිඳගේ මෝටර් රථය පොලිස් භාරයට

(09.02.2019 – 13:18 +0530 – sinhala.adaderana.lk)

පසුගියදා ඩුබායි හිදි අත්අඩංගුවට පත් ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයෙකු වු මාකදුරේ මධූෂ්ගේ අනියම් බිරිඳට අයත් යැයි කියන මෝටර් රථයක් පාදුක්ක පෝරෙගෙදර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පාදුක්ක පොලීසියට ලද තොරතුරක් මත අද (09) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

එම අත්අඩංගුවට ගත් මෝටර් රථය පරීක්ෂා කිරීමේදී කිසිඳු බලපත්‍රයක් තිබී නොමැති අතර බලපත්‍ර නොමැති නිසාවෙන් මෝටර් රථය සඟවා සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුව සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෝටර් රථය යම් කිසි අපරාධයකට සම්බන්ධ දැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු වන බව පොලීසිය පැවසීය.

+++++++++++++++++++++++++++++++++++++

මාකඳුරේ මධූෂ් සමඟ සිටි රංගන ශිල්පී රයන්ගේ මොටර් රථය කේරල ගංජා සමඟ පොලීසියට හසු වෙයි

(09.02.2019 – 12:05 +0530 – sinhala.adaderana.lk)

පසුගියදා ඩුබායි හිදි අත් අඩංගුවට පත් ප්‍රධාන පෙළේ පාතාල සමාජිකයෙකු වු මාකදුරේ මධුෂ් සමඟ සිටි රංගන ශිල්පියෙකුවන රයන් වැන් රොවන් භාවිතා කළ මෝටර් රථය ඊයේ (08) සවස වැලිගම මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේනයක තිබියදි වැලිගම පොලීසිය මගින් සොයා ගෙන ඇත.

මෙම මෝටර් රථය හමුවු සංචාරක නිකේතනයේ හිමිකරු වන්නේ අමිල ප්‍රසංග හෙට්ටිහේවා නොහොත් මදුෂ් සමඟ සිටියදි ඩුබායි පොලිස් විසින් අත්අඩංගුවට ගත් සුරන්ජි සුද්දා නැමැති පුද්ගලයා බවය හෙළි වි ඇත.

රංගන ශිල්පි රයන් වැන් රොවන් විදේශ ගත විමට පෙර , දින කිහිපයක සිට සුරන්ජි සුද්දාට අයත් මෙම හෝටලයේ නැවති සිට දෙදෙනා හා එක්ව විදේශ ගත වි ඇති බව පොලීසිය සිදු කළ මුලික පරික්ෂන වලදි අනාවරණය වි ඇත.

වැලිගම පොලිසිය විසින් සුරන්ජි සුද්දාගේ වැඩිමහල් සහෝදරයාගෙන් ප්‍රකාශයක් සටහන් කොට ගෙන ඇති අතර ඒහිදි ඔහු කියා ඇත්තේ මෙම මෝටර් රථය රයන් වැන් රොවන් පැමිණි මෝටර් රථය බවයි.

මෙම මෝටර් රථය පරික්ෂා කිරිමේදි මෝටර් රථයේ තිබි කේරල ගංජා මිලිග්‍රම් 5,750 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

මෙම මෝටර් රථය උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් මෝටර් රථයක් බව පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *