ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනපති කියයි

(09.02.2019 – 17:22 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඊට අදාළව ව්‍යවස්ථාපිත වශයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගන්නා බවයි අද (09) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා කියාසිටියේ.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ඊට අදාළව ව්‍යවස්ථාපිත වශයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගන්නා බවයි.

ජනාධිපතිවරණය නියමිත කාලයට නියමිත පරිදි පැවැත්වෙන නමුත් ඇතැම් පිරිස් ප්‍රකාශ කරන පරිදි එය බලහත්කාරයෙන් පැවැත්වීමට කිසිවෙකුට නොහැකි බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පෙන්වා දුන්නා.

රටේ අනාගතයට බලපාන යහපත් තීන්දු තීරණ රැසක් ගැනීමට ඉකුත් ගතවු වසර 4 ක කාලය තුල ජනාධිපතිවරයා ලෙසට තමා කටයුතු කළ බව ද ඔහු සඳහන් කළා.

වර්තමානයේ ප්‍රබල සමාජ අභියෝගයක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මැඩැලීම වෙනුවෙන් ගෙන යන පුළුල් වැඩපිළිවෙළකට මේ වන විට තමා උර දී ඇති බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා කියාසිටියේ.

ඒ සදහා පොලිස් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ කිසිදා නොවූ පරිදි ශක්තිමත් කර ඇති අතර එහි තවත් සුවිශේෂී පරිවර්තනයක් ඉදිරි මාස කිහිපය තුළ සිදුකරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කලා.

මේ අතර, යම් ප්‍රදේශයක නීතිවිරෝධී මත්පැන් පවතින්නේ නම්, අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වගකිව යුතු බවට සදහන් චක්‍රලේඛයක් ලබන සතියේ නිකුත් කරන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

ඒ පොළොන්නරුව – වාරිමාර්ග ක්‍රීඩාංගනයේ අද පැවති ‘‘පිබිදෙමු පොළොන්නරුව’’ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප්‍රතිලාභ ලබාදීමේ උත්සවයකට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++++

09.02.2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *