කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) පැය 21 ක ජල කප්පාදුවක්

(12.02.2019 – 13:14 +0530 – hirunews.lk/sinhala)

අත්‍යාවශ්‍ය හදිසි නවීකරණ කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 8 සිට අනිද්දා අලුයම 5 දක්වා පැය 21 ක කාලය තුළ කොළඹ තදාසන්න ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.

මේ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය සහ රුක්මල්ගම යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ මෙන්ම පාදුක්ක යන ප්‍රදේශවලට ද හෙට පෙරවරු 8 සිට පැය 21 ක් ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේ ෴

*****************************************

වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට කන්ටේනර් රථයක් පෙරළි ගමනා ගමනයට බාධා

(12.02.2019 – 12:55 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගයේ කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරලී ගොස් තිබෙනවා.

දෙමටගොඩ දෙසට ගමන් ගත් කන්ටේනර් රථයක් මෙලෙස මාර්ගය හරහා පෙරලී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ කොළඹින් පිටවන මංතීරුවේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

අදාළ කන්ටේනර් රථය ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙන අතර, ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලීසිය රියදුරන්ට උපදෙස් ලබාදෙන්නේ.

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F

++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *