රූකාන්තට පහර දුන්නේ හිරු ස්ටාර් තරගයෙන් කැපුණු තිවංකගේ දිවුලපිටිය ආධාරකරුවන්

(25.02.2019 – gossiplankanews.com)

රියලිටි පරාජිතයෙකු රූකාන්ත ගුණතිලකට පහරදී ඔහුගේ වාහනයටද අලාබහානි කළ බවට ඊයේ දින පළවූ වාර්තා සම්බන්ධ වැඩිදුර තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ.

මෙම පහරදීම කර ඇත්තේ හිරු රූපවාහිනි නාළිකාවේ මේ දිනවල විකාශය වන ‘හිරු ස්ටාර්’ නමැති ගී තරු තේරීමේ තරගාවලියේ පෙරේදා (23 දා) රාත්‍රි පැවැති තරගයෙන් ඉවත් වීමට සිදුවූ දිවුලපිටියෙන් පැමිණි තිවංක දිල්ෂාන් නමැති තරගකරුවෙකුගේ ආධාර කරුවන්ය.

මෙදින තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළේ ෂිහාන් මිහිරංග,නිරෝෂා විරාජිනී හා රූකාන්ත ගුණතිලක වන අතර එදින තරග කළ අමිල හමුවේ තිවංක පරාජයට පත්ව අවසාන 4 ට ඇතුළත්වීමේ අවස්ථාව අහිමි කරගෙන තිබුණි.

තිවංක පරාජයට පත්වන ගීතයට සිය අදහස් එක්කරද්දී රූකාන්ත ගුණතිලක පවසා තිබුනේ ‘ඔබේ ඔලුවෙ තිබුනෙ අමිල ලකුණු ගත්ත එක විතරයි. ගීතය කියද්දි වෙවුලුවා. හරියට කියන්න ඕනකමක් තිබුනෙත් නෑ‘ ආදී ලෙස විවේචනයකි.

මෙම විවේචනයට ප්‍රතිචාර දක්වමින්ද තිවංක අදහස් පළ කර තිබුණි.

මෙම තරගය පවත්වන අවස්ථාවට තිවංකගේ දිවුල පිටියේ ආධාරකරුවන් විශාල පිරිසක්ද පැමිණි බව එම වැඩසටහන අතරතුර දර්ශන වලින් පෙන්නුම් කළ අතර පරාජයේ වේදනාවෙන් සිටි ඔවුන් තම කෝපය විනිසුරුවෙත එල්ල කර තිබුනේ තරගය අවසන්වූ පසු කාර් පාර්ක් එකේදීය.

ආධාරකරුවන් පිරිස රූකාන්ත ගුණතිලක මහතා ඔහුගේ මෝටර් රථයට පැමිණි අවස්ථාවේ තිවංකගේ ඉවත් කිරීමට රූකාන්තගේ විනිශ්චය බලපෑ බව පවසමින් ඊට විරෝධය පා ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව රැස්ව සිටි 200ක පමණ පිරිස ‘හූ’ හඬ තබමින් රූකාන්තට විරෝධය පළ කොට පහරදීමක් සිදු කර තිබේ.

තමාට හා තම මෝටර් රථයට පහරදීමක් සිදු කළ බව පවසමින් රූකාන්ත මත්තේගොඩ පොලිසියට පැමිණිල්ලක් කර .තිබුනේ ඉන් පසුය.

බොරලැස්ගමුව රත්තනපිටිය අංක 97 දරන ස්ථානයේ පෙරේදා (23 දා) රාත්‍රි රාත්‍රි 9.45 ට පමණ මෙම පහරදීම සිදුකර ඇතැයි සටහන් කර ඇත.

පහර කෑමෙන් රූකාන්ත ගුණතිලක මහතාගේ සිරුරේ ස්ථාන කිහිපයක තැළීම් දක්නට ලැබුණු බවද පොලිසිය පවසයි. සිදුවීම පිළිබඳ පරීක්ෂණ අරඹා ඇත.

++++++++++++++++++++++++

රූකාන්තට පහර දුන්නැයි සැකපිට අයෙක් අත්අඩංගුවට

(25.02.2019 – 12:45 +0530 – lankadeepa.lk)

ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතාට පහරදී මෝටර් රථයට හානි කළ බවට සැකකරන පුද්ගලයකු අද (25) අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපිටිය විල්වාසලවත්ත දෙවැනි පටුමග පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකි.

දිවුලපිටිය පොලිස් වසමේ කළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් විසින් සංවිධානය කළ වැඩසටහනක විනිශ්චය මණ්ඩලයට සහභාගී වූ රූකාන්ත ගුණතිලක මහතාට පෙරේදා (23) රාත්‍රියේ පැවති තරගයෙන් ඉවත් වූ තරගකරුවකුගේ ආධාරකරුවන් පිරිසක් පහර දී, ඔහුගේ මෝටර් රථයටද හානි කර තිබිණි.

සැකකරු ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *