කප්පම් ගන්න ගිහින් වැරදුනු හැටි – CCTV දර්ශන සිහිතයි

(27.02.2019 – 08:42 +0530 – sinhala.adaderana.lk)

ගාල්ල මහවීදිය ප්‍රදේශයේ ඔරලෝසු වෙළඳ සැලකට පැමිණ කප්පම් ඉල්ලූ පුද්ගලයෙකුට එම වෙළද සැල් හිමියන් පහර දී තිබේ.

ඊයේ (27) පස්වරුවේ මෙම පහරදීම සිදුව ඇති අතර පහරදීම එම වෙළද සැලෙහි සවිකර තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

නිරන්තරයෙන් ගාල්ල ප්‍රදේශයේ වෙළඳ සැල්වලට පැමිණ කප්පම් ඉල්ලූ පුද්ගලයෙකු පිහියක් පෙන්නා කප්පම් ඉල්ලීමට සූදානම් වන විට වෙළඳසැල් හිමියන් විසින් ‍මෙම පහර දීම සිදුකර තිබේ.

තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය පිළිබඳ ගාල්ල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

*****************************************

කෑගල්ලේදී ජීප් රථයක් මෝටර් රථයක ගැටී දෙදෙනෙකුට තුවාල

(27.02.2019 – 09:14 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල පිටත වටරවුම් මාර්ගය සහ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය සම්බන්ධවන ස්ථානයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් සහ කෑගල්ල සිට නුවර දෙසට ධාවනය වූ කුඩා මෝටර් රථයක්.

අනතුරින් මෝටර් රථයේ ගමන්කළ දෙදෙනා තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.

පසුව බරපතළ තත්වයේ පසුවූ අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරුකර ඒවා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෑගල්ල පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ.

අනතුර සිදුවන අයුරු එම ස්ථානයේ ඇති CCTV කැමරා අලෙවි සැලක සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *