ලාහෝර් හා කරච්චි ගුවන් ගමන් අවලංගු වෙයි

(27.02.2019 – 16:17 +0530 – sinhala.adaderana.lk)

පාකිස්ථාන ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙන් ලාහෝර් හා කරච්චි බලා පියාසර කිරීමට නියමිත ගුවන් ගමන් ශ්‍රි ලංකන් ගුවන් සේවය මඟින් අවලංගු කර තිබේ.

පාකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පාකිස්ථාන ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව 2019 පෙබරවාරි මස 28 වැනි බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු යොදා තිබේ.

ලාහෝර් සහ කරච්චි වෙත පියාසර කිරීමට ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කර ඇති මගීන්ට අවශ්‍ය වැඩි දුර උපදෙස් ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් ඇමතීමෙන් සහ www.srilankan.com වෙත පිවිසීමෙන් ලබාගත හැක.

ගුවන් මගීන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තීරණය ගත් බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි ෴

Temporary closure of Pakistani airspace – SriLankan cancels Thursday’s flights to Karachi (UL183) and Lahore (UL185) – srilankan.com

*****************************************

මහ බැංකු මංකොල්ලයේ කුණු කන්ද කොලොන්නාවේ කුණු කන්දට වඩා ලොකුයි – ජනපති

(27.02.2019 – 15:21 +0530 – sinhala.adaderana.lk)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *