සත්‍ය ගවේෂකයන්ගෙන් අනාවරණයක්

(01.03.2019 – 20:30 +0530 – sinhala.adaderana.lk)

කුඩාවැල්ල ධීවර වරායේ ධිවරයින් පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට කොන්ත්‍රාත්තුව ලබාදුන්නේ දකූණු පළාත් හිටපු අමාත්‍ය ඩී.වී.උපුල් බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තංගල්ල අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, ප්‍රදේශයේ තරුණයෙකුට පහරදුන් බවට සත්‍ය ගවේෂකයෝ සංවිධානය පවසයි.

අද (01) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව අනාවරණ කළේය.

සත්‍ය ගවේෂකයෝ සංවිධානය කැඳවුම්කරු නීතිඥ ප්‍රේම්නාත් සී.දොලවත්ත මහතා පැවසුවේ අදාළ පුද්ගලයා පසුගිය දෙසැම්බර් මාසයේදි අත්අඩංගුවට ගෙන දින 9 ක් රඳවා තබාගෙන සිට ප්‍රශ්න කර අවසානයේ 7 වන දිනයේදි අදාළ ප්‍රකාශ කරන ලෙසට පොලීසිය බල කර ඇති බවයි.

අදාළ තරුණයා තමන් ළඟට ඇවිත් මේ සම්බන්දයෙන් ප්‍රකාශයක් කළ බවත් ඒ හා අදාළ විඩියෝ පටයද මාධ්‍ය හමුව අවස්ථාවේදි නීතිඥ ප්‍රේම්නාත් සී.දොලවත්ත මහතා විසින් මාධ්‍යයට ඉදිරිපත් කළේය.

*****************************************

කිලෝමීටර් 3 ක දුරක් මී ගවයෙකු පිට නැඟ පාසල් පැමිණෙන සිසුන්

(02.03.2019 – 17:22 +0530 – hirunews.lk/sinhala)

කිලෝමීටර් 3 ක පමණ දුරක් ගෙවා මී ගවයෙකු පිට නැඟ පාසල් පැමිණෙන සිසුවෙක් පිළිබඳ පුවතක් අපට වාර්තා වුණේ නෙළුව මැදගම ප්‍රදේශයෙන්.

ඔහු සිය සොයුරා ද සමග ගවයා පිටේ නැගී දිනපතා පාසලට පැමිණෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ලේල්වල ගිගුම්මඩුව ප්‍රදේශයේ පිහිටි නිවසේ සිට නෙළුව මැදගම ආදර්ශ විද්‍යාලයට ඔහු ගවයා පිට නැගී මෙලෙස පැමිණෙන අතර ගවයා ද ඊට අකමැත්තක් නොදක්වන බව සඳහන්.

එමෙන්ම ළමුන් ඉතා ආරක්ෂිතව පාසල වෙත රැගෙන ඒමට ද ගවයා කටයුතු කරන බවයි හිමිකරුවන් පවසන්නේ.

පාසල අවසන් වීමෙන් අනතුරුව යළිත් නිවස වෙත ළමුන් රැගෙන යාමට ද ගවයා පැමිණෙනවා.

ළමුන්ගේ පියා මීට පෙර ඔවුන් පාසල වෙත රැගෙන විත් ඇත්තේ සිය යතුරුපැදියෙන්.

කෙසේවෙතත් මාස කිහිපයකට පෙර එය අනතුරකට ලක්වීම හේතුවෙන් දිනක් ගවයා පිට නැගී ළමුන් පාසලට පැමිණ තිබුනා.

එදින සිට ගවයා ද ළමුන් පාසලට රැගෙන යාමට උදෑසනම සැරසෙන බව හිමිකරුවන් පෙන්වා දෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *