මාලිගා වගේ කොළඹ සුපිරි කෑම කඩවල කිසිවෙකු නොදකින ඇතුල්පැත්ත අද එළියට

(12.03.2019 – 20:31 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ බොහෝ අවන්හල්වල ඉදිරිපස ඉතාමත් සුඛෝපභෝගී තත්ත්වයේ පැවතුනද ඒවායේ මුළුතැන්ගෙය අපායක සිරි ගන්නා බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා.

ඔවුන් එසේ පැවසූවේ කොළඹ පිහිටි අවන්හල් රැසක් අද (12) පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතාගේ උපදෙස් මත කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද අවන්හල් පරීක්ෂාවක් සිදු කෙරුණා.

ඒ අනුව අද දිනයේ කොළඹ පිහිටි ආපන ශාලා හා අවන් හල් 120 ක් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක්ව තිබෙනවා.

*****************************************

අසාධාරණය හෙළිකරන මාධ්‍ය ආයතනවලට ස්වාර්ණවාහිනියෙන් මඩ ප්‍රචාර – ETI තැන්පත්කරුවන්ගෙන් චෝදනා

(12.03.2019 – 20:43 +0530 – hirunews.lk/sinhala)

ETI තැන්පත්කරුවන්ට සිදුව ඇති අසාධාරණය පිළිබදව හෙළිකරන මාධ්‍ය ආයතනවලට එරෙහිව ස්වාර්ණවාහිනී ආයතනය මගින් මඩ ප්‍රචාර දියත් කරන බවට ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය චෝදනා කරනවා.

කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *