කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍යකර්මයක් අතරතුර වෛද්‍යවරයෙක් හෙදියකට පහරදෙයි

(13.03.2019 – 19:13 +0530 – sinhala.adaderana.lk)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍යකර්මයක් අතරතුරදී වෛද්‍යවරයෙකු හෙද නිලධාරිනියකට සිදුකළ පහරදීමක් පිළිබඳ පුවතක් වාර්තා වී ඇත.

පහරදීමෙන් තුවාල සිදුවීම නිසා හෙද නිලධාරිනිය ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර සිද්ධියට විරෝධය පා එම රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද (13) පෙරවරුවේ වර්ජනයක ද නිරත වුණි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඊයේ (12) ශල්‍යකර්මයක් සිදු කෙරෙන අතරතුරදී විශේෂඥ වෛද්‍යවරයෙකු ඔහුගේ සහායක හෙදියට මෙලෙස පහරදීම සිදුකර ඇත.

එම හෙද නිලධාරිනිය සඳහන් කළේ බෝන් කටර් නැමති උපකරණයෙන් වෛද්‍යවරයා තමාට පහර දුන් බවය.

පහරකෑමෙන් අනතුරුව ඇය එම රෝහලටම ඇතුළත් කෙරුණු අතර ඇයට සැත්කමක්ද සිදුකර මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බව අප වාර්තාකරු සඳහන් කළේය.

ඒ අතර මෙම පහරදීමට විරෝධය පළ කරමින් රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද පෙරවරුවේ වර්ජනයක ද නිරත වුණි.

මෙම පහරදීම සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වීරබණ්ඩාර මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් කඩිනම් විමර්ශන දෙකක් ආරම්භ කර ඇති බවය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *