මෛත‍්‍රී විශ්වාස නෑ.. ශ‍්‍රීලනිපය සමග සන්ධාන අනවශ්‍යයි.. අයවැය වර්ජනයෙන් පසු පොහොට්ටුවෙන් දැඩි ප‍්‍රහාර…

(14.03.2019 – 22:31 +0530 – lankacnews.com)

විශ්වාස කළ නොහැකි මිනිසුන් සමග සන්ධාන ගත වීමෙන් පසු ජනාධිපති වැය ශීර්ෂයට සිදුවූ දේම සිදුවිය හැකි යැයි තමන්ට සැක බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා සඳහන් කරයි.

අයවැයට විරුද්ධව ඡන්දය දෙන බවට මුලින් කියූ ශ‍්‍රීලනිප කණ්ඩායමක් අවසානයේ ඊට විරුද්ධ නොවී පැන ගොස් සැඟවුණු බවත් එවන් පුද්ගලයන් සමඟ සන්ධාන ගැසූවොත් අවසාන මොහොතේ තම පාර්ශවය අමාරුවේ වැටෙන බව ද ඔහු පැවසීය.

පසුගිය වර සන්ධානයක් ගසා අගමැතිකම දෙන්නේ නෑ යයි ලියුම් පවා ලියූ බවද මන්ත්‍රීවරයා සිහිපත් කරයි.

එනිසාම විශ්වාස නැති පුද්ගලයන් සමග සන්ධාන ගතවීම මේ මොහොතේ උවමනා නැති බවත් ජනතාව සිටින්නේ තම පාර්ශව සමඟ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

කෙසේ හෝ ඇත්ත ස්වභාවය පෙන්වා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වන බවත් එනිසා සන්ධානය ඇතිකිරීමට පෙර දෙවරක් කල්පනා කර බලන බවද මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු අදහස් පළ කළේය.

https://www.facebook.com/watch/?v=2312884175644559

https://www.facebook.com/watch/?v=314038902632703

https://www.facebook.com/watch/?v=1473821339418887

https://www.facebook.com/watch/?v=363188674522752

++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *