පංති යැවීම ගැන දරුවන් වෙනුවෙන් දෙමාපියන්ගෙන්, සිබිල් වෙත්තසිංහ කළ විශේෂ ඉල්ලීම (වීඩියෝ)

(18.10.2017 – 10:56 +0530 – hirunews.lk/sinhala)

පුංචි දරුවන් චිත්‍ර පංති නොයවන ලෙස ප්‍රවීණ චිත්‍ර ශිල්පිනි, ගත් කතුවරියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය පවසනවා.

ඇය කියා සිටින්නේ සෑම පුංචි දරුවකුට ම ස්වාධීන චිත්‍ර සම්ප්‍රදායක් තිබෙන බවත් එය වර්ධනය කර ගැනීමට උපකාර කිරීම වැඩිහිටියන්ගේ වගකීම බවයි.

මේ මස 31 වන දා 90 වන වියට පා තබන සිබිල් වෙත්තසිංහ මහත්මිය, සිය ජීවිතයෙන් අවුරුදු 70 කට වැඩි කාලයක් ළමයින්ගේ ලෝකයේ නොමැකෙන සටහන් තැබූ ළමා පොත් රාශියක් හා ළමා චිත්‍ර රාශියක් සමාජයට දායක කළා.

සිබිල් වෙත්තසිංහ මහත්මිය, 90 වන වියට පා තබන මොහොතේ “ආයුබෝ වේවා, අනූවට පා තබන සිබිල් !” නමින් සිතුවම් දැක්මක් කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී මේ මස 31 ආරම්භ වනවා.

එය නොවැම්බර් 01 හා 02 යන දිනවලත් පැවැත්වීමට නියමිතයි.

පෙරවරු 10 සිට සවස 7.30 දක්වා පැවැත්වෙන ප්‍රදර්ශනයේ දී “පුදුම රිදී ගස” හා සිද්ධාර්ථ කුමාරයාගේ කතාව” යන නව නිර්මාණ ද සිබිල් වෙත්තසිංහයන් ළමා ලොවට දායාද කරනු ඇති.

ඇයගේ ම අනන්‍යතාවක් නොකඩවා රැක ගනිමින් ළමයෙකු අඳින චිත්‍ර ළමයින්ට දායාද කරමින් සිටින සිබිල් වෙත්තසිංහ මහත්මිය සමග හිරු ප්‍රවෘත්ති කළ විශේෂ සාකච්ඡාව පහතින් :

*****************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *