අර්ජුන මහේන්ද්‍රන් සොයා ගන්න, සිංගප්පූරුවේ සහය මදි බව ජනපති කියයි

(18.03.2019 – 19:37 +0530 – hirunews.lk/sinhala)

මෙරට සිදුවූ මහබැංකු වංචාවට අදාළ ප්‍රධාන සැකකරු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා සිංගප්පූරුවෙන් ලැබිය යුතු සහයෝගය නොලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අල්ලස් හෝ දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමේ උත්සවයට කොළඹ දී අද එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ රටේ සංවර්ධනය සිදුකිරීමට අල්ලස හා දූෂණය බාධාවක් වී ඇති බවයි.

මෙම උත්සවය සඳහා කථානායක කරු ජයසූරිය ද එක්ව සිටි අතර එහිදී ඔහු කියා සිටියේ අල්ලස හා දූෂණය මෙරටින් තුරන් කිරීම සඳහා පක්ෂ, පාට භේද නොසලකා සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි.

*****************************************

18.03.2019

*****************************************

18.03.2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • What a cop out Maitree, shame on you? And where is your sharp sword and shark tail? All boru begal statements, but when it comes to implementation you have no woomph! Kindly give back your throne to MR and Nagananda. Arrest and charge RW now for complicity with the bank robbery, and being the one that posted a bond for the veracity of his buddy Mahendran the rogue.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *