ඩේවිඩ් විලී තර්කයෙන් පැරද පළා ගිය විඩීයෝව ඉවත් නොකලොත් දෙරණට, හිරුට, ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයට නඩු දමන බවට තර්ජන..

(19.03.2019 – 22:36 +0530 – lankacnews.com)

= ඩේවිඩ් විලී තර්කයෙන් පැරද පළා ගිය විඩීයෝව ඉවත් නොකලොත් දෙරණට, හිරුට, ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයට නඩු දමන බවට තර්ජන.. තර්ජනයට පෙර විලී සුමන්තිරන් සමග සාකච්ජා පින්තූර ලාංකිකයන් අතේ.. =

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ජිනීවා හි පැවති මානව හිමිකම් සැසිවාරයේ අතුරු සැසියකදී මහාචාර්ය චන්න ජයසුමන සහ කොටි හිතවාදියකු ලෙස සැලකෙන මහා බ්‍රිතාන්‍යයේ ඩේවිඩ් විලී අතර පැවතී තර්කයකින් පසු ඩේවිඩ් විලී සංවාදයෙන් නැගිට පලා යන ප්‍රවෘතිය එදින රාත්‍රී දෙරණ සහ හිරු මාධ්‍ය ජාල වලින් විකාශය වීමෙන් තමන්ගේ ප්‍රතිරූපයට හානි වූ බවත්, පෞද්ගලිකත්වයට හානි වූ බවත් පවසමින් එම විඩීයෝ දර්ශන සහිත පුවත් අන්තර්ජාලයෙන් ඉවත් කරන ලෙසත් එසේ නොකළහොත් දෙරණට, හිරුට, ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයට නඩු දමන බවත් ඩේවිඩ් විලී ජගත් දේශප්‍රේමී ලංකික සංසදයට දැනුම් දී ඇත.

ඒ බව ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා තහවුරු කළේය.

මේ අතර එම තර්ජනයට පැය කිහිපයකට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අභ්‍යන්තර විවේකාගාරයේ ඩේවිඩ් විලී සහ සුමන්තිරන් කතාබහක නියැලෙන ජායාරුපයක් ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයකු සමත් වී ඇත.

ඩේවිඩ් විලී සහ සුමන්තිරන් කතාබහක …

++++++++++++++++++++++++

එ. ජා. මානව හිමිකම් මහ කොමසාරිස් ශ්‍රී ලංකාවේ කටයුතු වලට අත දානවා

(19.03.2019 – 19:48 +0530 – lankadeepa.lk)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ හමුදාවට සාවද්‍ය චෝදනා එල්ල කරමින් ඔවුන්ට එරෙහිව සර්ව ලෝක අධිකරණ බලයක් යටතේ නඩු පැවරීමට උත්සාහ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභා සැසියේදී අද (19) ප‍්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සෙවීමට දේශීය යාන්ත‍්‍රණයක් තිබුණේ නැති බව ඇය කීවත් ඒ වෙනුවෙන් දේශීයව කොමිෂන් සභා තුනක් තිබූ බව කී වීරසේකර මහතා ඒ එකකින්වත් කිසිම හමුදා ජෙනරාල්වරයෙක් වරදක් කළ බව තහවුරු වී නැතැයි සඳහන් කළේය.

ජිනීවා නුවරදී වැඩිදුරටත් අදහස් දැක්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේ ද කීවේය :

‘‘ජාතීන්ට වෙනස් ආකාරයට සැලකීම පිළිබඳව මෙහිදී කතා කරනවා. නමුත් අද අප මේ ගැනත් කිව යුතුයි. යුද හමුදාවේ ජෙනරාල්වරු දෙමළ ත‍්‍රස්තවාදීන් පරාජය කළ නිසා දඬුවම් විඳින බව කිව යුතුයි.

මෙම ජෙනරාල්වරු යුද පෙරමුණේ සිටි අයයි. ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥයන් පවා හෙළා දැකපු එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ විශේෂඥ වාර්තා වේ අඩංගු සාවද්‍ය යුද අපරාධ චෝදනා ජිනීවා මහ කොමසාරිස්වරිය පිළිගෙන තිබෙනවා. අපේ ජෙනරාල්වරුන්ට විරුද්ධව සර්ව ලෝක අධිකරණ බලය යටතේ නඩු පැවරිය යුතුය කියා ඇය සිතනවා.

දේශීය යාන්ත‍්‍රණයක් තිබුණේ නැත කියා ඇය කියනවා. එය සත්‍යයෙන් තොරයි. මේ ගැන සෙවීමට දේශීය කොමිසම් තුනක් තිබුණා. ඒ එකකින් වත් මේ කිසිම ජෙනරාල්වරයෙක් කිසිම අපරාධයක් කළ බව ඔප්පු වී නැහැ.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානි ලෙස පත් කිරීම පිළිබඳව මානව හිමිකම් කොමසාරිස්වරිය කනස්සල්ල පළ කරනවා. ජනාධිපතිවරයා ඔහුව පත් කළේ සුදුසුකම් මතයි. එය අපේ අභ්‍යන්තර කටයුත්තක්. එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය අනුව ඇයට අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන්න බෑ.

මහ කොමසාරිස්වරිය සමූහ මිනී වළ ගැනත් කතා කරනවා. අතුරුදන් කාර්යාලය කාබන් කාල නිර්ණය කිරීම සඳහා එහි සාම්පල යැව්වේ යුද හමුදාවට වගකීම පවරන්නයි. නමුත් ඔවුන්ගේ අවාසනාවට ඒ ඇටකටු වසර 600 ක් පැරණි බවට දැන් සනාථ වී තිබෙනවා.’’

*****************************************

19.03.2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *