ස්වර්ණවාහිනී සේවකයෝ නොනිදා විරෝධයේ.. මහපාරේ පාන්-පරිප්පු කති.. කැරලි මර්ධන කැදවති..

(20.03.2019 – 10:00 +0530 – lankacnews.com)

ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ සේවක විරෝධය අද දෙවන දිනටත් ක‍්‍රියාත්මකය.

සේවකයන් 15 දෙනෙකු අත්තනෝමතික ලෙස ඉවත් කලේ යයි මෙම විරෝධතාවය පැවැත්වෙයි.

ඊයේ රාත‍්‍රිය පුරාම ආයතනය පරිශ‍්‍රය තුල රැදී සිටිමින් ඔවුන් මෙසේ විරෝධයේ යෙදුනහ.

විරෝධතාකරැවන් පවසන්නේ ස්වර්ණවාහිනී නව පාලනධිකාරිය වන බෙන් හෝල්ඞ්න්ග්ස් ආයතනය සමගින් වැඩ කරගෙන යාමට සූදානම් නමුත් ප‍්‍රධාන විධානයක නිලධාරියාගේ ක‍්‍රියා කලාපයට එකග නැති බවයි.

එංගලන්තයේ සිටින ආයතනයේ පාලනාධිකාරිය සමග සාකච්චා කල බවත් එය සාධනීය බවත් ඔවුන් තව දුරටත් කියා සිටිති.

කැරලි මර්ධන ඒකකද සූදානමින් සිටිති.

ප්‍රධාන විධායක නිලධාරීයා එංගලන්ත පාලන අධිකාරියට බොරු කියනවා..තමන්ට නැති දේශපාලන හයියක් පෙන්නන්න උත්සහ කරනවා..ජනාධිපතිතුමනි මේ ගැටළුවට මැදිහත් වෙන්න..

Posted by FM & TV Sri Lanka on Tuesday, March 19, 2019

පහුගිය අවුරුදු එක හමාර දෙක තුළඅපි පුදුමාකාර පීඩනයකින් වැඩ කළේ..ගෑණූ පෙරේතයා එපා…සේවක සුරක්ෂිතතාව ඇති කරන්න..බෙන් හෝල්ඩින්ග්ස් එකට බ්ලූ සමිට් එකට අපි විරුද්ධ නෑඅත්⁣තනෝමතිකව ක්‍රියාකරන මහේන් පෙරේරා ඉවත් කරන්න…-එළියට බට ස්වර්ණවාහිනී සේවකයෝ කියති-

Posted by FM & TV Sri Lanka on Tuesday, March 19, 2019

+++++++++++++++++++++++++++++++++++++

සේවක සටන දිනයි.. මහේන් පෙරේරා පන්නයි.. අස්කල 15 යලි සේවයට..

(21.03.2019 – 00:02 +0530 – lankacnews.com)

දින දෙකකට ආසන්න කාලයක් පැවති ස්වර්ණවාහිනී සේවකයන්ගේ වැඩ වර්දනය අවසන් වී තිබේ.

ආයතනයේ ලන්ඩන් පාලනාධිකාරිය විසින් ප්‍රධාන විධායක නිලධාරී මහේන් පෙරේරා ඉන් ඉවත් කරන බව දැන්වීමත් සමග සේවක විරෝදතාවය අවසන් කර ඇත.

එමෙන්ම වැඩ තහනමකට ලක් කරන ලද සේවකයන් 15 දෙනා නැවතත් පෙර පරිදිම සේවයේ පිහිටුවන්නටද එකග වී ඇති අතර මහේන් පෙරේරා විසින් හදුන්වාදෙන ලද ලාංඡනය වෙනුවට පැරණි ලාංඡනයම යොදා ගැනීමටද එකග වී තිබේ.

වෘත්තීය සටන ජය ගැනීමෙන් පසු ස්වර්ණවාහිනී සේවකයන් සතුට සැමරුවේ මෙසේය :

https://www.facebook.com/fmtvsrilanka/videos/2215018781870736/
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *