ඕමානය ප්‍රතික්ෂේප කරන හම්බන්තොට තෙල් පිරිපහදුව

(21.03.2019 – 19:11 +0530 – sinhala.adaderana.lk)

අමෙරිකානු ඩොලර් බිලියන 3.85 ක් ආයෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරිපහදු ව්‍යාපෘතියක් සඳහා දායකවීමට තමන් එකඟ වී ඇතැයි පළ වන වාර්තා ඕමාන රජය ප්‍රතික්ෂේප කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියි.

ඕමාන් රජයේ මැදිහත්වීමෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3.85 ක වියදමින් යුතුව ඉන්ධන පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියක් ස්ථාපිත කරන බවට සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පසුගිය අඟහරුවාද ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් ඩොලර් බිලියන 3.85 ක ආයෝජනයක් තුළින් ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරිම සඳහා ඕමානය මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවට ඕමාන ඛනිජ තෙල් අමාත්‍යාංශය සඳහන් කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියි.

ඕමාන ඛනිජ තෙල් හා ස්වාභාවික වායු අමාත්‍යාංශයේ උප ලේකම් සලීම් අල් අවුෆි පවසන්නේ ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන බව කියන මේ ආයෝජනය පිළිබඳව ඕමාන රාජ්‍ය පාර්ශ්වයේ කිසිවකු හෝ දැනුවත් නොමැති බවය.

මෙය තමාට පුවතක් ලෙස දැනගන්නට ලැබුණු බවත්, ඩොලර් බිලියන 3.8 ක එවන් ආයෝජනයක් සඳහා වන චෙක්පත් වලට නිල වශයෙන් අත්සන් තැබීම සිදුකරන්නේ කවුරුන්දැයි තමා නොදන්නා බවත් සලිම් අල් අවුෆි මහතා සඳහන් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාව – ඕමාන ඛනිජ තෙල් හා ස්වාභාවික වායු අමාත්‍යාංශය සමඟ කිසිදු ගිවිසුමක් අත්සන් කර නොමැති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයද අද (21) නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර සිටියේය.

කෙසේ වෙතත් තමන් දන්නා පරිදි ඕමාන් තෙල් සමාගම සියයට තිහක කොටස් හිමිකාරීත්වයක් ඇතිව තවත් පාර්ශ්ව සමඟ මෙවැනි ගිවිසුම්වලට එළැඹීමේ අභිප්‍රායෙන් කටයුතු කරන සමාගමක් බවද එම නිවේදනයේ සඳහන්ය ෴

++++++++++++++++++++++++

*****************************************

ETI තැන්පත්කරුවන්ගෙන් තවත් චෝදනාවක්

(21.03.2019 – 18:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයේ අගය සාවද්‍ය ලෙස ගණනය කරමින් බිලියන ගණනක මුදල් වංචා කර ඇති බව ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ කොළඹ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාච්ඡාවකට එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *